විදේශයක උසස් පෙළ හැදෑරූ ශිෂ්‍යයෙකුට ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය
රුසියාවේ උසස් පෙළ විභාගය සමත් වී මෙරට වෛද්‍ය පීඨයට ඇතුල්වීම සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔහුගේ මුලික මිනිස් අයිතිවාසියක් උල්ලංඝනය වී තිබෙන බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම සිසුවා වහාම මෙරට විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කර ඇත .
මෙම පෙත්සම ගොනු කර තිබුණේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ඉසුල දම්සිත් ජයරත්න නමැති සිසුවා විසිනි.
එය විභාග කිරීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම පෙත්සම්කරු කියා සිටියේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි තමන් එම විභාගයෙන් සමත් වූ බවයි.
තම පියා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගෲප් කපිතාන්වරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුරක් ලැබීමෙන් අනතුරුව තමා රුසියාව බලා පිටත්ව ගිය වග වේ .
එහිදී ඉන්දියානු, පකිස්ථානු හා බංග්ලාදේශ සිසුන් ඉගෙනුම ලබන පාසලකින් ජේෂ්ඨ පාසල් සහතික පත්‍ර විභාගය සමත් වූ වගත් ඔහු සදහන් කර තිබේ.
තවද මෙම පෙත්සම් කරු කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සමාන විභාගයක් බවයි.
ඉන් පසුව තමා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මෙරට රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා අයඳුම් පතක් ඉදිරිපත් කළ අතර ඊට අදාල නිර්ණායකයන්ට තමා අයත් නොවන බව සඳහන් කරමින් තම අයදුම්පත මෙරට විදේශ කටයුතු අමාත්‍යශය විසින් ප්‍රතික්ෂේප කළ බවත් ඔහු චෝදනා එල්ල කර තිබේ.
තවද මේ හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් එම සිසුවා සිය පෙත්සම තුළින් සඳහන් කර තබුණි.