සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට එරෙහිව වහපු නඩුවක් නැවත කැඳවයි

Report

සුපිරි මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට විරුද්ධව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව එළඹෙන නොවැම්බර් 20 වන දින කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබෙනවා.

ඒ මාස හතරක කාලයක් තුළ ඇමරිකානු ඩොලර් ලක්ෂ අටක මුදලක් නැවත ලබාදෙන බවට ගිවිසුම් අත්සන් කර සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට ජපන් ජාතිකයකුගෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ හයක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනා යටතේ ගොනු කළ නඩුවයි.

ඒ අනුව 2008.2.1 වන දින හා 2008.3.3 වන කාලය අතරතුර දී ජපන් ජාතිකයකු වන සොෂුකි හයාෂිගෙන් එකී මුදල ගෙන වංචා කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් 2015 වසරේ දී විත්තිකරුවන් සිවුදෙනකුට විරුද්ධව මෙසේ මෙම නඩුව පවරා තිබෙනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට ජීවිත තර්ජනයක්? පරීක්ෂණ අරඹයි

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට ජීවිත තර්ජනයක්? පරීක්ෂණ අරඹයි

මේ අතර සිතාසි නිකුත් කර එකී විත්තිකරුවන් කැඳවා නඩුව ආරම්භ කළ විටදී විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගත් පූර්වගාමි මහාධිකරණ විනිසුරුවරයකු නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම අත්හිටුවා නඩුව බහා තැබීමට නියෝග කොට තිබුණා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ විරෝධතා සලකා බැලූ අධිකරණ සේවා කොමිෂන් සභාව එකී මහාධිකරණ විනිසුරුවරයාට ස්ථාන මාරුවක් ලබාදී තිබුණා.

එසේ එම නඩුව බහා තැබීම බැලූ බැල්මට දෝෂ සහගත බවට නිගමනය කළ අධිකරණ සේවා කොමිෂන් සභාව දැනටමත් සේවය අත්හිටුවා ඇති එකී පූර්වගාමි මහාධිකරණ විනිසුරුවරයාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ යටතේ විමර්ශනයක් ආරම්භ කිරීමට සහ එසේ අනීතික ආකාරයට බහා තැබුවේ යැයි කියන නඩුව නැවත විභාගයට ගැනීමටත් පියවර ගෙන තිබුණා.

ක්ලබ් වසන්තව මරන්න "ටැටූ මල්ලී"ව තොර ගත්තේ මගේ ගමේ කෙනෙක් හින්දා - ලොකු පැටී වමාරයි

ක්ලබ් වසන්තව මරන්න "ටැටූ මල්ලී"ව තොර ගත්තේ මගේ ගමේ කෙනෙක් හින්දා - ලොකු පැටී වමාරයි

එබැවින් පෙර කී පූර්වගාමි මහාධිකරණ විනිසුරුවරයා මුදාහැර තිබූ ඩිලන්ත මාලගමුව මහතා ඇතුළු විත්තිකරුවන් සිතාසි නිකුත් කර අධිකරණයට කැඳවා යළි නඩු විභාගය පැවැත්වීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කළ නියෝගයක් මත එම නඩුව වසර ගණනාවකට පසුව 16 වන දින කැඳවා තිබුණා.

මේ අතර තම සේවාදායකයාට පැමිණිල්ල සඳහා සාක්ෂි දීමට මෙරටට පැමිණීමේ හැකියාවක් නැති නිසා සූම් තාක්ෂණය හරහා සාක්ෂි දීමට ඔහු සූදානම් බව පැමිණිලිකාර ජපන් ජාතිකයා සඳහා පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පැමිණිල්ලේ සාක්ෂිකරුවෙක් වන එම ජපන් ජාතිකයාගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අගතියට පත් පාර්ශ්වය සඳහා පෙනී සිටි නීතිඥවරයාට නියෝග කළ විනිසුරුවරිය එම නඩුව නැවත ලබන නොවැම්බර් 20 වැනිදා කැඳවීමට නියෝග කර තිබෙනවා.

තංගල්ලෙන් මතු වුණ මත්ද්‍රව්‍යවල අයිතිය පාතාල ලොක්කෙක්ට - පැටිකිරිය එළියට

තංගල්ලෙන් මතු වුණ මත්ද්‍රව්‍යවල අයිතිය පාතාල ලොක්කෙක්ට - පැටිකිරිය එළියට