වනඅලි රක්ෂිතවලට පලවා හැරීමේ මෙහෙයුමට විරුද්ධව ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභයි

Report

හම්බන්තොට අලි ඇතුන් රක්ෂිත කලාපය තුළට පලවා හැරීමට වනජීවී බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය මඟින් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ ක‍ර තිබෙනවා.

ඒ අනුව විනිවිද පදනම මඟින් මෙම පෙත්සම ගොනු කර ඇත. මෙම පෙත්සම සලකා බැලීමෙන් පසුව අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මඟින් මෙම නියෝගය නිකුත් ක‍ර තිබෙනවා.

ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අවට ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට වන අලි රක්ෂිත කලාපය තුළට පලවා හැරීම වෙනුවෙන් වනජීවී බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන මෙහෙයුම හේතුවෙන් අලි ඇතුන්ට විශාල පීඩාවක් සිදුවී ඇති බව පැවසුවා.

සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් ගැන පොලීසියෙන් නිවේදනයක්

සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් ගැන පොලීසියෙන් නිවේදනයක්

එහිදී නීතිඥවරිය පැවසුවේ මෙම මෙහෙයුම සඳහා ගුවන් හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයින් 2000කට අධික පිරිසක් සහභාගී වී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි. මේ අතර අලි ඇතුන් පලවා හැරීමට සිදුකරනු ලබන පිපිරවීම් නිසා ඇතැම් අලි ඇතුන් තුවාල ලබා ඇති බව පෙන්වා දුන් නීතිඥවරිය පිපිරීම් හරහා අති විශාල ශබ්ද නිකුත් වීම හේතුවෙන් ගර්භණී තත්ත්වයෙන් පසු වන ඇතින්නියන් දැඩි ලෙස පීඩාවට පත්වන බවත් දැක්වූවා.

එබැවින් පරිසර නීති රීතිවලට පටහැනිව සිදු කරනු ලබන මෙම මෙහෙයුම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එසේ වුවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කාර සංවිධානයට කිසිදු නීතිමය පදනමක් නොමැති බවට තර්ක කළා.

එමෙන්ම මෙම ක්‍රියාව නිසා අගතියට පත්වන පාර්ශව මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර නොමැති බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා.

එසේම පෙත්සම්කාර සංවිධානය මඟින් සිය පෙත්සම තුළින් එල්ල කර තිබෙන චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් කරුණු ඔවුන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නැති බවත් රජයේ නීතිඥවරයා පැවසුවා.

එබැවින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට සාධාරණ නීතිමය පදනමක් නොමැති හෙයින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.

ජනවාරි ඉඳන් වැටුප වැඩි කරනවා කිව්වට ඒකෙත් කොස්සක් මෙන්න

ජනවාරි ඉඳන් වැටුප වැඩි කරනවා කිව්වට ඒකෙත් කොස්සක් මෙන්න

මෙහිදී දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අලි ඇතුන් ආරක්ෂා කිරීමට ජාතික වැඩපිළිවෙළක් සකස් කරන මෙන් තම අධිකරණය මඟින් රජයට මේ වනවිටත් නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන් කළා.

ඒ අනුව එම වැඩපිළිවෙල තුළ මෙම පෙත්සමේ සඳහන් කරුණු ද අවධානයට භාජනය වන බවත් අභියාචනාදිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළා.

එබැවින් දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරු මඩුල්ල නිවේදනය කර තිබුණා.

රෑත් හොඳට පාඩම් කරලා ඇඳට ගියේ දෙයියනේ - විභාගය ලියන්න හිටපු උසස් පෙළ ශිෂ්‍යාවක් නිදි ඇඳේදිම ජීවිතක්ෂයට

රෑත් හොඳට පාඩම් කරලා ඇඳට ගියේ දෙයියනේ - විභාගය ලියන්න හිටපු උසස් පෙළ ශිෂ්‍යාවක් නිදි ඇඳේදිම ජීවිතක්ෂයට