දයාසිරිගේ නඩුවක නියෝගය කල් යයි

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් බාධාවකින් තොරව කටයුතු කිරීමට ඉඩ ලබා දෙන මෙන් එම පක්ෂය වෙත නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ තිබෙන නඩුවේ නියෝගය ප්‍රකාශ කිරීම මේ මස 17 වනදා දක්වා කල් තැබීමට කොළඹ දිසා අධිකරණය අද (06) නියෝග කර තිබේ.

  මෙම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණු නමුත් නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන 17 වනදා දක්වා කල් තබන බව දිසා අධිකරණය ප්‍රකාශ කර තිබේ.

අනූෂ පැල්පිට තවදුරටත් රිමාන්ඩ්

අනූෂ පැල්පිට තවදුරටත් රිමාන්ඩ්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් තමන්ව පිළිගනිමින් දිසා අධිකරණය මගින් මීට පෙර නියෝග නිකුත් කර තිබූ බව පැමිණිලිකාර දයාසිරි ජයසේකර මහතා සඳහන් කර ඇත.

  එම නියෝගයට අනුකූලව තමන්ට එම ධුරයේ බාධාවකින් තොරව කටයුතු කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා දයාසිරි ජයසේකර මහතා මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ගුරු විභාග ගැසට්ටුව රිවස් කරයිද? ජනපතිට ලිපියක්

ගුරු විභාග ගැසට්ටුව රිවස් කරයිද? ජනපතිට ලිපියක්