හරිනිව ගෙදර යවන්න සත්‍යග්‍රයක් ආරම්භ කළ විමල්ට එරෙහිව අධිකරණ නියෝගයක්

Report

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රයක් ආරම්භ කර තිබේ.

ඒ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉවත් කරගන්නා ලෙසත් හරිනි අමරසූරිය මහත්මියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමිනි.

මෙලෙස විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (12) පෙරවරුවේ ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

“හරිනි ගෝ හෝම්” - හරිනි අස්වෙනකන් සත්‍යග්‍රහයක් කරනවා - විමල්

“හරිනි ගෝ හෝම්” - හරිනි අස්වෙනකන් සත්‍යග්‍රහයක් කරනවා - විමල්

මෙම නියෝගය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී ඇති අතර, එම සත්‍යග්‍රහය පැවැත්වීම සම්බන්ධයෙන් අදාළ නීතිමය සීමා සහ ආරක්ෂක කරුණු සැලකිල්ලට ගෙන මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

අධිකරණ නියෝගය අනුව සත්‍යග්‍රහය සම්බන්ධයෙන් ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අදාල පාර්ශ්වයන් දැනුවත් කර ඇති බවද සඳහන් වේ.

විශ්‍රාම වැටුප අවලංගු වෙයිද? සති හයකින් වෙනදේ මෙන්න

විශ්‍රාම වැටුප අවලංගු වෙයිද? සති හයකින් වෙනදේ මෙන්න