ජෝන්ස්ටන්ට ආයේ එළියට ඒමක්ම නැද්ද..? අභියාචනාදිකරණයෙන් අද ලැබුණු නියෝගය..!

Report

අභියාචනාධිකරණය මගින්, තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05 වන දා කැඳවන ලෙස නියම කළේය.

හිටපු ඇමතිවරුන් හතර දෙනකුට මහා උළු ගෙදර ළඟින්න වෙන..ජාත්‍යන්තර හොරකමක් එළියට

හිටපු ඇමතිවරුන් හතර දෙනකුට මහා උළු ගෙදර ළඟින්න වෙන..ජාත්‍යන්තර හොරකමක් එළියට

මෙම පෙත්සම අද (25) අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අමිල පල්ලියගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, තම සේවාදායකයා පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත්වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවය.

ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි ප්‍රහාරය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි ප්‍රහාරය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගෙන් විශේෂ ප්‍රකාශයක්

නීතිඥවරයා සඳහන් කළේ,එදින පරීක්ෂණ අවසන් කොට සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙන බවත් ය.

ඒ අනුව මෙම නඩුකරයට අදාළ අමතර ලේඛනද අධිකරණයට ඉදිරිපත් කර මෙම පෙත්සම කරුණු තහවුරු කිරීමට තමන් අපේක්ෂා කරන බවත් ඒ සඳහා දිනයක් ලබාදෙන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාල පෙත්සම නොවැම්බර් මස 05 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එදින කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළේය.

ඔබත් මේ ප්‍රදේශවල නම් අද රාත්‍රියේ සැලකිලිමත්වන්න..!

ඔබත් මේ ප්‍රදේශවල නම් අද රාත්‍රියේ සැලකිලිමත්වන්න..!