හිටපු ඇමතිවරුන් හතර දෙනකුට මහා උළු ගෙදර ළඟින්න වෙන..ජාත්‍යන්තර හොරකමක් එළියට

By Sewvandhi Oct 26, 2024 10:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණරත්න මහතා සඳහන් කරන්නේ,විදේශයන්ගෙන් කිරිහරක් ගෙන්වීමේ ව්‍යාපෘතියකට මුවාවී සිදු කල මහා පරිමාණ මුදල් වංචාවකට සම්බන්ධ බව කියන හිටපු අමාත්‍යවරුන් හතර දෙනකුට විරුද්ධව නුදුරේදීම නඩු පැවරෙණු ඇති බවයි.

හෙතෙම කියා සිටියේ, ඩොලර් මිලියන 12 ක පමණ ක් වටිනා කිරි ගවයන් විදේශයන්ගෙන් ගෙන්වීමේ මහා පරිමාණ වංචාවකට සම්බන්ධයෙන් මෙම මැති ඇමතිවරුන්ට එරෙහිව නිවැරදිව නීතිය ක්‍රියාත්මක කරවීමට පියවර ගනු ඇති බවයි.

ඊට සම්බන්ධ හිටපු මැති ඇමතුරුන් සිව් දෙනකුට පැහැදිලිවම නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දෙන බවත් ඔහු පැවසුවේය.

මෙම කිරිගව වැඩසටහන යටතේ ගවයන් විසි දහසක් ආනයනය කිරීමට නියමිතව තිබූ අතර පළමු පියවර යටතේ පන්දහසක් ගෙන්වා තිබූ බවත් පැවසූ ඔහු ඔවුන්ගෙන් දැනට ජීවත්ව සිටින්නේ ගවයන් තුන්සියයක් පමණක් බවත් ඉතුරු සියලු දෙනා මියගොස් ඇති බවත් කියා සිටියි.

එක ගවයකු විදේශයන්ගෙන් මිලදීගෙන ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක් පමණ වැය කර බවත් ගව මඩුවකට ගවයන් අලෙවි කරන මිලට වඩා වැඩි මිලක් ඊට වැය වී ඇති බවත් හෙතෙම පැවසුවේය.