ඔබත් මේ ප්‍රදේශවල නම් අද රාත්‍රියේ සැලකිලිමත්වන්න..!

Climate Change TN Weather Weather Latest Headlines
By Sewvandhi Oct 25, 2024 12:18 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයිනේ ප්‍රදේශ රැසකට අද රාත්‍රී කාලයේ වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

ඔයාගේ සමේ වර්ගය අනුව නාන්න ඕන වෙලාව දැනගෙන හිටියද..වඩාත් සුදුසු උදේටද රෑටද..? කිහිපවාරයක් නෑවොත්නම් ඔබ අනතුරේ..

ඔයාගේ සමේ වර්ගය අනුව නාන්න ඕන වෙලාව දැනගෙන හිටියද..වඩාත් සුදුසු උදේටද රෑටද..? කිහිපවාරයක් නෑවොත්නම් ඔබ අනතුරේ..

මේ අතර, පිලිපීනයට බලපා ඇති ට්‍රෑමි සුලිකුණාටුව හේතුවෙන් පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් දහස් ගණනක් වැසි තත්වය සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම, මේ වන විට ප්‍රදේශ රැසක පාසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දමා තිබෙනවා.

කෙසේ වෙතත් විපතට පත් වූවන්ට සහන සැලසීම සදහා එරට ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළා.