ආයේ මේ විදිහට තේ අළෙවි කරොත් ලක්ෂ ගාණක දඩයක්
කල් ඉකුත් වූ තේ ඇසුරුමක් පාරිභෝගිකයෙකුට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් පෞද්ගලික සමාගමකට රුපියල් 200,000ක දඩ මුදලක් නියම කිරීමට කොළඹ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද මෙම නඩුවට අදාළව සිදුකළ විමර්ශනවලදී, 2026.07.15 දින කල් ඉකුත් වූ ග්‍රෑම් 400 තේ ඇසුරුමක් රුපියල් 1,000කට අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.
2014.08.15 දිනැති අංක 1875/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් විධාන අංක 52 උල්ලංඝනය කරමින්, කල් ඉකුත් වූ හා මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ විකිණීමට ඉදිරිපත් කර තිබීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙලෙස අධිකරණය හමුවේ නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිණි.