මහානාමගේ රට ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්න නියෝග

Report

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට වසර දෙකක් ගතව ඇතත් ඊට අදාළව උද්දික ප්‍රේමරත්තනගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ වනතුරු කිසිදු ප්‍රකාශයක් ලබා ගෙන නැති බව නීතිඥ රංජිත් රාජකරුණා අධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අඳාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න ඉදිරියේ නැවත කැඳවූ අවස්ථාවේදීයි.

ඒ අනුව එම සිද්ධියේ සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම සඳහා අධිකරණයට කරුණ දක්වමින් නීතිඥ රංජිත් රාජකරුණා මෙසේ කරුණු ඉදිරිපත් කර ඇත.

විශේෂ නිවේදනයක් - මේ ගැසට් පත්‍රය අවලංගුයි

විශේෂ නිවේදනයක් - මේ ගැසට් පත්‍රය අවලංගුයි

එහිදී නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ උද්දික ප්‍රේමරත්න යන අයගේ මෝටර් රථයට තම සේවාදායකයා වෙඩි තැබූ බව කියන සිද්ධිය මුඑමනින්ම ගොතන ලද්දක් බවයි.

එසේම මෙම සිද්ධිය නිසා මේ වන විට වසර එකහාමාරකට ආසන්න කාලයක සිට තම සේවාදායාකයාට රැකියාව වැටුප් හෝ අඩ වැටුප් පවා අහිමිව ඇති බවද නීතිඥවරයා පැවසුවා.

එබැවින් අධිකරණය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ සැකකරුට පනවා තිබූ විදෙස් ගමන් තහනම මාස තුනකට ඉවත් කර සිද්ධියට අඳාළව නීතිපති උපදෙස් ගැනීම කඩිනම් කරන ලෙසයි.

හෝටල් සේවිකාවෝ දෙන්නා හප්පපු සුපිරි නිළිය වන්දි දෙන්න කැමතියිලු

හෝටල් සේවිකාවෝ දෙන්නා හප්පපු සුපිරි නිළිය වන්දි දෙන්න කැමතියිලු

අස්වැසුම ගැන විශේෂ නිවේදනයක් පුළුවන් ඉක්මනට කරන්න

අස්වැසුම ගැන විශේෂ නිවේදනයක් පුළුවන් ඉක්මනට කරන්න