EPF පොලී කප්පාදුවට එරෙහි පෙත්සමට අධිකරණය දුන් නියෝගය.

Central Bank of Sri Lanka Sri Lanka Government Of Sri Lanka Supreme Court of Sri Lanka
By krishani Aug 11, 2023 03:31 PM GMT
krishani

krishani

Report

දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාවලියට අනුකූලව EPF හි පොලී අනුපාතය 9% දක්වා සීමා කිරීමට රජය තීරණය කර ඇත.

එමගින් EPF අරමුදලේ දායකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (11)  ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිශ්ප්‍රභ කෙරිණ.

ඒ විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ ජකන් ද සිල්වා යන විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් මගින් ය.

මෙම පෙත්සම ඉදිරිපත් කරන ලද්දේ  සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු හා මුල්‍ය විශ්ලේශකයෙකු වන චතුරංග අබේසේකර විසින් ය.

කෙසේ වෙතත්, දේශීය ණය පුතිව්‍යුහගත කිරීමේ යෝජනා පසුගිය ජුනි 28 වනිදා අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ ද අනුමත කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරම් සඳහන් කළේ ය.

ඒ ඊයේ (10) මෙම පෙත්සම සලකා බැලීම සදහා කැද වු අවස්ථාවේ දී ය.

ReeCha