සාරංගිකාට එරෙහි පෙත්සමට අභියාචනාධිකරණයෙන් දින දෙයි

Law and Order Court of Appeal of Sri Lanka Latest Headlines Sinhala news Breaking News
By Kaushi Jul 07, 2025 10:04 AM GMT
Kaushi

Kaushi

Report

අභියාචනාධිකරණයෙන් සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීමේ කටයුත්තට රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීමට කැඳවන ලෙස දින නියම කර ඇති බව වාර්තා වේ.

ඒ මේ මස 09 වන දින බව සඳහන්.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

කෙසේ වෙතත් අඳාළ පෙත්සම අද (07) කැඳවූ විටදී එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර තිබූ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය ඇතුළු කිහිපදෙනෙක් සඳහා පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්ම වර්ධන අධිකරණයට කියා සිටියේ මෙම නඩුකරයට අදාළව තම සේවදායකයින් සීමිත විරෝධතා ගොනුකර ඇති බවයි.

එනිසා ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීමට තමන්ට අවස්ථාව ලබාදෙන මෙන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි බව පවසයි.

මේ අනුව පෙත්සම්කාර පාර්ශ්වයට ද සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අඳාළ කරුණු තහවුරු කිරීමට මේ මස 09 වැනිදා කැඳවන ලෙසත් නියෝග කර ඇති බව වාර්තා විය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලට මීට පස්සෙ සිසුන් ගන්නේ මෙච්චරයි

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලට මීට පස්සෙ සිසුන් ගන්නේ මෙච්චරයි

සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය හිමි මන්ත්‍රී කණ්ඩායම එම සභාවේ අභිනව සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය රහස් ඡන්දයක් පැවැත්වීමට ගන්නා උත්සාහය වැළැක්වීම වෙනුවෙන් අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.

ඒ අනුව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කළේ තමන්ට සභාවේ බහුතරය හිමි බව කියා සිටින අඳාළ මන්ත්‍රීවරුන් ජුනි 17 වැනි දින පැවති මංගල රැස්වීමේ දී සභාවේ සභාපතිවරයා හා උපසභාපතිවරයා තෝරා ගැනීමට කොමසාරිස්වරිය සතු බලය යොදා ගනිමින් රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය ගත් තීරණය නිවැරදි නොවන නිසා ඊට විරෝධය පාමින් මන්ත්‍රීවරුන් 24 දෙනෙක් සභා ගර්භයෙන් පිටව ගිය බවයි.

'ගැබ් වාර්තා කරන්න - ලක්ෂයක් ගන්න!' - රුසියාවේ නව වැඩපිළිවෙළට දැඩි විවේචනයක්

'ගැබ් වාර්තා කරන්න - ලක්ෂයක් ගන්න!' - රුසියාවේ නව වැඩපිළිවෙළට දැඩි විවේචනයක්

එසේම ඒ අනුව ගණපුරණය නොමැති වීමෙන් එදින සභාපති හා උපසභාපති තෝරා පත්කර ගැනීමට නොහැකි වූ බවත් ඔවුන් පවසයි.

මේ තත්ත්වය මත සීතාවක ප්‍රාදේශීය සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට කොමසාරිස්වරිය ක්‍රියා කළ බව පවසා ඇති අතර බස්නාහිර පළාත් පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ඇතුළු වග උත්තරකරුවන් සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උපසභාපතිවරයා තෝරා ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීමට ගන්නා උත්සාහය වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

එකවරම පහළ ගිය පොල් මිල

එකවරම පහළ ගිය පොල් මිල

ReeCha