පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි කුරාණයට හා ඉස්ලාම් ආගමට අපහාස කරාද? අධිචෝදනා ගොනුකර නඩු පවරයි
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර නඩු පවරා ඇති බව දැනුම් දී ඇත.
කොටුව මහේස්ත්‍රාත් බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මාධ්‍යයට අදහස් දක්වමින් කුරානයට හා ඉස්ලාම් ධර්මයට අපහාස වන ආකාරයට අදහස් දැක්වූ බවට චෝදනා එල්ල වෙයි.
මේ සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර නඩු පවරා ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් වෙත අද(6) දැනුම් දුන්නේය.
පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සදහන් කළේ නීතිපති උපදෙස් අනුව එම පියවර ගත් බවයි. ඥානසාර හිමියන්ද අධිකරණය හමුවේ පෙනී සිටි අතර නොතීසියක් ලද විගස මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා උන්වහන්සේට දැනුම් දුන්නේය.