ප්‍රසිද්ධ ස්ථානයක නිරුවතින් හැසිරුණු යුවලට වැඩ වරදී(PHOTOS) ...වීඩියෝව මුදාහැරිය සමාජ මාධ්‍ය ගිණුම හඳුනාගැනේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන දිය ඇල්ලක් අසල තරුණ යුවලක් නිරුවතින් අඹුසැමියන් ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන රූප පෙළක් හා වීඩියෝ පටයක් පිළිබඳව පොලිස් මූලස්ථානයේ දැඩි අවධානය යොමු ව තිබෙනවා.
මෙන්ම මෙම නිරුවත් ඡායාරූප හා වීඩියෝ පටය අන්තර්ජාලයට යොමු කළ අය කවුරුන්දැයි සොයා ගැනීම සඳහා පරිගණක අපරාධ කොට්ඨාසයේද අවධානය මේ වනවිටත් යොමු වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.
මෙම තරුණ යුවළ නිරුවතින් අඹු සැමියන් ලෙස හැසිරෙන දර්ශන රූගත කර ඇත්තේ බලංගොඩ, බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල අසලදී බවට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතිනවා.
මෙම වීඩියෝපට හා නිරුවත් පින්තූර කාන්තාවකගේ සමාජ මාධ්‍ය ගිණුමක් හරහා අන්තර්ජාලයට යොමුකර ඇති බවට දැනට සොයාගෙන තිබෙනවා.
ශ්‍රී ලාංකික සංස්කෘතියට පටහැනිව නිරුවතින් මෙලෙස පොදු ස්ථානයක අඹු – සැමියන් ලෙස හැසිරෙන මෙම තරුණ යුවළ සොයා ඔවුනට එරෙහිව කටයුතු කිරීමට සූදානම් වුව ද, පළමුවෙන් මෙම දර්ශන ඇතුළත් ප්‍රදේශය, දියඇල්ල හා ඊට පෙනී සිටින යුවළ හඳුනාගත යුතුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙම පහන්තුඩාව දියඇල්ල පිහිටි ප්‍රදේශය රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බව කියන අතර මේ සම්බන්ධයෙන් රත්නපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එන්.ඩී.ඩී. වීරසිංහ මහතා දැනුවත් කර ඇති බවත් මුලින්ම මෙම දියඇල්ල කුමක්දැයි සොයාගැනීමට විමර්ශන සිදුකරන බවත් පොලිසිය සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |