විදේශීය දුම්වැටි තොගයක් සමග යුවළක් අත්අඩංගුවට
රුපියල් පනස් දෙලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන උත්සාහ කළ ශ්‍රී ලාංකික යුවළක් අත්අඩංගුවට ගෙන ඇත.
ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (1) අලුයම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙලෙස අත් අඩංගුවට පත් යුවළ කොළඹ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරික කටයුතු වල නිරත විවාහක යුවළකි.
ඒ අනුව අද අලුයම 12.45 ට ඩුබායි සිට ෆල්යි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් ඔවුන් පැමිණ ඇත.
එම අවස්තාවේදී දුම්වැටි 35,000 ක් අඩංගු , දුම්වැටි කාටූන් 175 ක් මොවුන් සන්තකයේ තිබී හමුව තිබේ.
තවද මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන රේගු නිලධාරීන් විසින් පරීක්ෂණ සිදු කරනු ලබයි.