දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය සම්බන්ධයෙන් භයානක හෙළිදරව්වක්
දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 22,000ක් පමණ මිය යන අතර රටට වසරකට රුපියල් බිලියන 225–240 ක මුදලක් අහිමිව යන බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීන් කරුණු දක්වමින් සඳහන් කරයි.
ඔවුන් සඳහන් කරන පරිදි, මෙම තොරතුරු සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු කළ ආයතනික සමාලෝචනයේදී අනාවරණය වී ඇත.
මෙම තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කරමින්, දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත සංශෝධනය කිරීමේ කටයුතු සම්පාදනය කරමින් සිටින බව ඔවුන් පවසති.
මෙම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පෙබරවාරි 21 වනදා පාර්ලිමේන්තුවේදී රැස්ව තිබේ.
එහිදී ජාතික අධිකාරිය පිළිබඳ සමාලෝචනය පළමුව කාරක සභාවේ සිදුකර ඇති අතර, ලොව රටවල් 104ක් තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීම තහනම් කර ඇති බවත්, එම නීතිය මෙරටද ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමත් ඔවුන් අවධාරණය කර තිබේ.
නිරීක්ෂණයට අනුව, තනිවම දුම්වැටි අලෙවි කරන විට ඇසුරුම්වල ඇති අනතුරු ඇඟවීම් පාරිභෝගිකයින්ට දෘශ්‍යමාන නොවන බවත්, දුම්වැටි සඳහා බදු පැනවීම සහ මිල නියම කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක විය යුතු වැදගත්කමද ජාතික අධිකාරිය අවධාරණය කරයි.