උහනෙත් මාලිමා මන්ත්‍රීලා යකා නටයි, උඹලා කෑගහපල්ලා කියලා විපක්ෂය පන්සිල් ගයි
උහන ප්‍රාදේශීය සභාවේ අද උණුසුම් තත්ත්වයක් උද්ගත වූ බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව සඳහන් වූයේ අම්පාර – උහන ප්‍රාදේශීය සභාව සමාරම්භයේ පැවති සාම්ප්‍රදායික පන්සිල් සමාදම් වීමේ සහ රණවිරුවන් සිහිපත් කිරීමේ චාරිත්‍රය ඉටු කිරීමට එහි ජාතික ජන බලවේග ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විරුද්ධ වූ බවයි.
මෙම අවස්ථාවේදී සභාව සමාරම්භයේදී සිදු කිරීමට ගිය පන්සිල් ගැනීම සහ රණවිරුවන් සිහිපත් කිරීමට සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම දිගින් දිගටම විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් එම විරෝධය මධ්‍යයේද විපක්ෂ කණ්ඩායම පූජ්‍ය මිනිපේ විජිත හිමියන්ගේ සහයෙන් සභාව පංච ශීලයෙහි පිහිටුවා ඇති බව සඳහන්.
මේ අතර මාලිමා සභාපති ඇතුළු පිරිස කෑ කෝ ගසමින් දිගින් දිගටම ඊට සිය විරෝධය පළකර ඊට පළ කර ඇති බව පවසයි.