වෙනිසියුලාවේ දරුණු භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 589 දක්වා ඉහළට

By Kanchana Jun 26, 2026 01:24 PM GMT
Report

වෙනිසියුලාවේ සිදුවූ දරුණු භූකම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 589 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා අනුව තුවාල ලැබූවන් සංඛ්‍යාව 2,980ක් පමණ වන අතර තවත් සිය ගණනක් සුන්බුන් අතර සිරවී සිටින බවට සැක කෙරේ.

මීට පෙර නිකුත් කර තිබූ නිල වාර්තාවලින් සඳහන් වී තිබුණේ මරණ සංඛ්‍යාව 235ක් සහ තුවාල ලැබූවන් 4,300ක් ලෙසය. නවතම තත්ත්ව වාර්තා අනුව එම සංඛ්‍යාතයන් දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. මෙම භූකම්පනයෙන් විදේශ ජාතිකයින් ද මියගොස් ඇති බවද තහවුරු වී ඇත.

වෙනිසියුලාවේ රැඳී සිටි ස්පාඤ්ඤ ජාතිකයින් තිදෙනෙකු මියගොස් ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කර ඇති අතර තවත් 99 දෙනෙකු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු ලැබී නොමැති බවද සඳහන් වේ.

ලෝකෙම කම්පා කරමින් වෙනිසියුලාව සොහොන් පිටියක් වෙයි - දැවැන්ත භූමිකම්පාවලින් 235 මරුට 4300ට තුවාල

ලෝකෙම කම්පා කරමින් වෙනිසියුලාව සොහොන් පිටියක් වෙයි - දැවැන්ත භූමිකම්පාවලින් 235 මරුට 4300ට තුවාල

ඒ අතර පෘතුගාල ජාතිකයින් 9 දෙනෙකු, බ්‍රසීල ජාතිකයින් 2 දෙනෙකු, චීන ජාතිකයින් 2 දෙනෙකු සහ ඉතාලි ජාතිකයෙකු ද මෙම භූකම්පනයෙන් මියගොස් ඇති බව අදාළ රටවල තානාපති කාර්යාල තහවුරු කර තිබේ.

මේ අතර භූකම්පනයෙන් බලපෑමට ලක්වූ වෙනිසියුලාවට සහන සැලසීම සඳහා විදෙස් ආධාර කණ්ඩායම් රැසක් මේ වන විට එරටට පැමිණෙමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.