මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට - හේතුව මෙන්න
සංවිධානාත්මක අපරාධකරුවෙකුට මෙරටින් පලායෑම වෙනුවෙන් වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූට ආකාරයට සකස් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (26) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයෙන් සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව බව සඳහන්.
එසේම මෙම සැකකරු වයස අවුරුදු 41ක් වන පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.
සර් මට කිව්වා බය වෙන්න එපා ඩ්‍රයිවර් යාලුවාගේ කේස් දෙකකටත් මල්ලි කතා කළා කියලා.. තෙල්දෙණිය ඝාතනයට ඇල්ලූ OICගේ පැටිකිටිය සැකකාර පෙම්වතා වමාරයි
විමර්ශනයේදී හෙළි වී ඇත්තේ සැකකරු මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා ලෙස සේවය කරන ලද කාලය තුළ මෙම අපරාධය සිදුකර ඇති බවයි.
එමෙන්ම අපරාධ, රථවාහන, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන දිසාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.
Media on 2026.06.26 පැය 2220 සැකකරුවෙකු අත්අඩංගුවට by poornima