ඇගළුම් සංගම් සංසදයෙන් විශේෂ නිවේදනයක්, බද්ද තව අඩු වුණේ නැත්තම් අපි ඉවරයි

Economy of Sri Lanka Latest Headlines Sinhala news Tariff Breaking News
By Kaushi Jul 12, 2025 01:14 PM GMT
Kaushi

Kaushi

Report

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මඟින් ඇමරිකා එක්සත් ජනපද‍යෙන් ප්‍රකාශයට පත් කර ඇති 30%ක අන්‍යෝන්‍ය ගැළපුම් තීරු බද්ද අඩු කර නොගතහොත් ශ්‍රී ලංකාවට වඩා අඩු තීරු බදු සහන ලබාගත් ගැනුම්කරුවන් වෙත ඇමරිකානු ඇඟලුම් ගැනුම්කරුවන් යොමුවීමේ අවදානමක් ඇතැයි ප්‍රකාශ කරයි.

ඒ අනුව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ අන්‍යොන්‍ය ගැළපුම් තීරු බද්ද තවදුරටත් අඩු කර ගැනීමට රජයෙන් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයන් හා සාකච්ඡා කළ යුතු බවයි.

රසිකයෝ මෝඩයි..නිකන් ඇන්ඳෙන්න එපා මම කිසිම වෙලාවක බැන්ඳා කිව්වෙ නෑනේ, තරින්දිටත් මල පනී

රසිකයෝ මෝඩයි..නිකන් ඇන්ඳෙන්න එපා මම කිසිම වෙලාවක බැන්ඳා කිව්වෙ නෑනේ, තරින්දිටත් මල පනී

එම නිවේදනයේ ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ඉපැයීම් ක්ෂේත්‍රය වන ඇඟලුම් අපනයනය දේශීය ඇඟලුම් අපනයන ඉපැයීම්වලින් වැඩි පංගුවක් ඇමරිකානු වෙළෙඳපොළට යොමු කරන තත්ත්වයක සිටින විට මෙබඳු ඉහළ අගයක අන්‍යොන්‍ය ගැළපුම් තීරු බද්දක් පැනවීමෙන් එක්සත් ජනපදයට ඇඟලුම් අපනයනය කරන කලාපයේ රටවල් හා ලංකාව අතර තරගකාරිත්වයට අහිතකර බලපෑම් එල්ල විය හැකි යැයි ද දක්වා ඇත.

එසේම ඇමරිකානු වෙළෙඳපොළට ශ්‍රී ලංකාව සමඟ තරග කරන වියට්නාමයට අන්‍යොන්‍ය ගැළපුම් තීරු බදු ප්‍රතිශතය 20%ක් වූ බවත් බංග්ලාදේශයට පැනවූ 35%ක ප්‍රතිශතය අඩු කර ගැනීමට ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර ඇති බවත් අඳාළ නිවේදනයේ දැක්වේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

මේ අතර කාම්බෝජයට පනවා ඇති බදු ප්‍රතිශතය මෙරටට වඩා වැඩි නිසා ඔවුන්ද මේ තත්ත්වය වෙනස් කරවා ගැනීමට උත්සාහ දරමින් සිටින බවද පෙන්වා දෙන එම සංගමය මෙම කරුණු සැලකිල්ලට ගෙන ලංකාවද බදු ප්‍රතිශතය තවදුරටත් අඩු කරගැනීමට උපරිම උත්සාහ කළ යුතු බව අවධාරනය කර ඇත.

තවද මෙරට රජයෙන් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයින් සමඟ කළ සාකච්ජාවක ප්‍රතිඵලයක් වශයෙන් 44%ක්ව තිබූ බදු ප්‍රතිශතය 30% දක්වා අඩු කර ගැනීමට හැකි වීම සුබවාදී වුවත් අගෝස්තු 1 වැනි දිනට පෙර දැනට ප්‍රකාශයට පත්ව ඇති බදු ප්‍රතිශතයද අඩු කර ගැනීමට වන රජයේ උපරිම කැපවීම දැඩිව බලාපොරොත්තු වන බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සඳහන් කරයි.

යාපනයේ ඩෙල්ෆ්ට් බලා ගමන් ගත් බෝට්ටුවක් පුද්ගලයන් 14 ක් එක්ක අනතුරට

යාපනයේ ඩෙල්ෆ්ට් බලා ගමන් ගත් බෝට්ටුවක් පුද්ගලයන් 14 ක් එක්ක අනතුරට

වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වූයේ මෙම රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම මෙරට ඇඟලුම් කර්මාන්තයෙන් යැපෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා සුරක්ෂිත බව, වෙළෙඳපොළ කොටස පවත්වාගෙන යෑමට සහ විශ්වාසදායී ඇඟලුම් නිෂ්පාදකයෙක් වශයෙන් ශ්‍රී ලංකාව ඇඟලුම් සැපයුම් දාමයෙහි ලබා ඇති කීර්තිය තවදුරටත් රඳවා ගැනීමට අතිශය වැදගත් වනු ඇති බවයි.

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

ReeCha