ලංකාවේ විදුලි පද්ධතිය ඩිජිටල් වෙයි - 'ස්මාර්ට් මීටර්' ව්‍යාපෘතියට අනුමැතිය
මෙරට බලශක්ති පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවරක් ලෙස සම්ප්‍රදායික විදුලි මීටර් වෙනුවට ස්මාර්ට් මීටර් (Smart Meter) සවිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වී ඇත.
මෙහිදී ව්‍යාපෘතියට අදාළ මූලික අධ්‍යයන වාර්තා සලකා බැලීම සිදු වූ අතර, පාරිභෝගිකයන්ට මෙන්ම ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා සමාගමටද ප්‍රතිලාභ සැලසෙන ආකාරයෙන් එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබේ.
ස්මාර්ට් මීටර් සවිකිරීම මගින් විදුලි පරිභෝජනය තත්කාලීනව (Real-time monitoring) අධීක්ෂණය කිරීමටත්, මිනිස් මැදිහත්වීමකින් තොරව ස්වයංක්‍රීය මීටර් කියවීම (Automated Meter Reading) සිදු කිරීමටත් අවස්ථාව සැලසෙන බව සඳහන් වේ.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයන් සඳහා ස්මාර්ට් මීටර් සවිකිරීමට නියමිත අතර, එය පාරිභෝගිකයන්ගෙන් කිසිදු අමතර ගාස්තුවක් අය නොකර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
ඩුබායි සහ ඉන්දියාවේ හැංගිලා කුඩු විකුණන ලංකාවේ පාතාල කල්ලි 37ක් කොටු වෙයි-ඇමති විජේපාලගෙන් හෙළිදරව්වක්
මෙම ක්‍රමවේදය හරහා පාරිභෝගික විදුලි පිරිවැය වඩාත් පාලනය කරගත හැකි අතර, විදුලි සේවා සපයන ආයතනවල මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ දිගුකාලීන තිරසාරභාවය ශක්තිමත් කිරීමද අරමුණ බව මෙහිදී අවධාරණය කෙරිණි.
වරාය හා සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා සමාගමේ සභාපති රෝහිත ජයරත්න මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වී සිටියහ.