ලෝකයම කම්පා කළ පූනේ නුවර හෙල්ලූ ව්‍යාපාරික කේතන්ගේ ඝාතනය - දෙමව්පියන්ගෙන් ආන්දෝලනාතමක කතාවක්

By Kanchana Jun 26, 2026 11:58 AM GMT
Report

ඉන්දියාවේ පූනේ නුවර ප්‍රමුඛ පෙළේ දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙකු වූ කේතන් අගර්වාල්ගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඔහුගේ පෙම්වතිය වන සියා ගෝයල් පිළිබඳව ඇයගේ මව්පියන් විසින් දැඩි ප්‍රකාශයක් සිදුකර ඇත .

තම දියණිය මෙම අපරාධයට සම්බන්ධ බව අධිකරණයේදී ඔප්පු වුවහොත් ඇයට නීතියෙන් ලබාදිය හැකි උපරිම දඬුවම ලබාදිය යුතු බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සියාගේ මව පූජා ගෝයල් සහ පියා ප්‍රවීන් ගෝයල් පවසා තිබේ

"අපේ දියණිය මෙවැනි දෙයක් කළා කියලා තවමත් විශ්වාස කරන්න අමාරුයි. නමුත් ඇය වැරදිකාරිය බව නීතිය ඉදිරියේ තහවුරු වුවහොත්, ඇයට උපරිම දඬුවම ලබාදිය යුතුයි," යනුවෙන් ඔවුන් සංවේගයෙන් ප්‍රකාශ කර තිබේ.

පොලිස් විමර්ශනවලට අනුව, 26 හැවිරිදි කේතන් අගර්වාල් සමඟ විවාහ වීමට සියා ගෝයල් අකමැත්තෙන් සිට ඇති අතර, ඒ හේතුවෙන් ඇය සිය මිතුරෙකු වන චේතන් චෞද්‍රි සමඟ එක්ව කේතන් ඝාතනය කිරීමේ සැලසුමක් සකස් කළ බවට පොලිසිය සැක පළ කරයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, පසුගිය මැයි 31 වැනිදා ලොහගාඩ් බලකොටුවේ සංචාරයකදී කේතන් ප්‍රපාතයට තල්ලු කිරීමට පළමු උත්සාහය ගෙන ඇති බවටත්, ඉන් අනතුරුව ජූනි 14 වැනිදා තවත් අසාර්ථක උත්සාහයක් සිදුකර ඇති බවටත් පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇති බවය.

මේ අතර, කේතන් අගර්වාල්ගේ පවුලේ ඥාතීන් පවසන්නේ නීතිගරුක සහ උගත් තරුණ ව්‍යාපාරිකයෙකු වූ ඔහුට අත්වූ මෙම ඉරණම සම්බන්ධයෙන් තමන් දැඩි කම්පාවට පත්ව සිටින බවත්, සාධාරණ විමර්ශනයක් තුළින් යුක්තිය ඉටුවනු ඇතැයි විශ්වාස කරන බවත්ය.

එයා එක පාරක් හරි කිව්වා නම් අපි මේ විවාහය නතර කරනවා.. ඉන්දියාවම කම්පා කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයගේ ඝාතනය - පෙම්වතිය හෙළි කළ දෙයින් පූනේ කැළඹෙයි

එයා එක පාරක් හරි කිව්වා නම් අපි මේ විවාහය නතර කරනවා.. ඉන්දියාවම කම්පා කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයගේ ඝාතනය - පෙම්වතිය හෙළි කළ දෙයින් පූනේ කැළඹෙයි

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන සියා ගෝයල් සහ චේතන් චෞද්‍රි ලබන ජූනි 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇති අතර, පූනේ ග්‍රාමීය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.