කොරෝනා වෛරසයේ බිහිවීම ගැන තවත් සාක්ෂියක් හමුවෙයි..

Corona Australia China Corona viruses start
By Aruna Sep 26, 2021 04:49 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා වෛරසයට බෙහෙවින් සමාන වෛරස සහිත වවුලන් විශේෂයක් විද්‍යාඥයින් විසින් ලාඕසයෙන් හඳුනාගෙන තිබෙනවා.

මෙම වවුල් විශේෂය තුළ කොරෝනා වෛරසයට සමාන වෛරස් වර්ග 03ක් පැවති බව සඳහන්.

උතුරු දිග ලාඕසයේ ලෙන් තුළ වසන මෙම වවුලන් 645 දෙනෙකුගේ අපද්‍රව්‍ය සාම්පල ප්‍රංශයේ පාස්චර් පරීක්ෂණාගාරයේදී පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි එම නිගමනයට එළැඹී ඇත්තේ.

එහිදී අනාවරණ වී ඇති කරුණක් වන්නේ මෙම වවුලන් තුළ කොරෝනා වෛරසයට සමාන වෛරස් 95% ක් පමණ පැවති බවයි.

එමෙන්ම, කොරෝනා වෛරසය විද්‍යාගාරයක නිර්මාණය කරන ලද්දක් නොව ස්වභාවයෙන් බිහි වූවක් බව මෙමඟින් වැඩිදුරටත් තහවුරු වන්නේ යැයි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සරසවියේ වෛරස් විද්‍යාඥ එඩ්වඩ් හෝම්ස් පෙන්වා දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now