සමූපකාරයේ කෝටි දාහතකට පොලු තියලා - කෝප් කමිටුවෙන් විශේෂ අනාවරණයක්

Report

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරික්ත මුදලින් 2013 වර්ෂයේදී ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වෙත ලබාදුන් ණය මුදලක් නැවත අයකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 17ක මුදලක් පාඩු වී ඇති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) අනාවරණය කරයි.

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ කාරක සභාවේදී හෙළි වූයේ මෙම ණය මුදල සමුපකාර රීතිවලට පටහැනිව ලබාදී ඇති බවයි.

මුළු රටේම ආන්දෝලනයක් කළ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකර් වරුන් අතට පත්වීම ගැන මහබැංකු අධිපති පළමුවරට කට අරී

මුළු රටේම ආන්දෝලනයක් කළ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකර් වරුන් අතට පත්වීම ගැන මහබැංකු අධිපති පළමුවරට කට අරී

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් 2015 වසරේ සිට මෙම ණය මුදල පියවීම නතර කර ඇති අතර, ඒ අනුව රුපියල් මිලියන 62ක මූලික ණය මුදල සහ රුපියල් මිලියන 95කට අධික පොලී මුදල ඇතුළුව මෙම දැවැන්ත පාඩුව සිදුව තිබේ.

මීට අමතරව සමුපකාර සංවර්ධන අරමුදල මගින් ණය ලබාගෙන වසර 12ත් 59ත් අතර දීර්ඝ කාලයක් තිස්සේ මුදල් ගෙවීම පැහැර හැර ඇති සමුපකාර සමිති 28කින් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අයකර ගැනීමට පවතින බව ද ජාතික විගණන කාර්යාලය මෙහිදී පෙන්වා දුන්නේය.

2021 සිට 2024 දක්වා වූ විගණන වාර්තා පරීක්ෂා කිරීමේදී මතු වූ මෙම බරපතළ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට කාරක සභාව තීරණය කර ඇති අතර මහජන මුදල් අවිධිමත් ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් නිලධාරීන්ට දැඩි අවවාද නිකුත් කෙරිණි.

ඊයේ මුළු අම්බලන්තොටම නොසන්සුන් කරමින් පිළිරුවක් මත හිස තබා ගිය සැකකරුවන් අත්අඩංගුවට - ඝාතනය කරද්දි දරුවොයි බිරිඳයිත් ගේ ඇතුළේ

ඊයේ මුළු අම්බලන්තොටම නොසන්සුන් කරමින් පිළිරුවක් මත හිස තබා ගිය සැකකරුවන් අත්අඩංගුවට - ඝාතනය කරද්දි දරුවොයි බිරිඳයිත් ගේ ඇතුළේ