අලුත උපන් බිළිඳුන් 07ක් ඝාතනය කළ හෙදියට ලැබුණ දඬුවම - තවත් බිළිඳුන් 06ක් ඝාතනය කරන්න තැත් කරලා..

Death England
By krishani Aug 21, 2023 02:05 PM GMT
krishani

krishani

Report

නව ජන්ම ඒකකයක ළදරුවන් හත් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හෙද නිලධාරිනියක වන 33 හැවිරිදි ලුසී ලෙට්බි වැරදිකාරිය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අනුව අද (21) ඇයට බ්‍රිතාන්‍ය අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඇය එක්සත් රාජධානියේ ළමා මරණ කිහිපයක් අඛණ්ඩව සිදු කළ ඝාතකයා වේ.

එනම් ඇය සේවය කළ රෝහලේ නව ජන්ම ඒකකය තුළ සිටි බිළිඳුන් 07 දෙනෙකු 2015 වසරේ ජුනි මාසයේ සිට ගත වූ වසරක කාලය තුළ ඝාතනය කර ඇත.

තවත් බිළිඳුන් 06 දෙනෙකු ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති බවට ඇයට එරෙහිව චෝදනා එල්ල විය.

ඇය හිතාමතාම ළදරුවන්ට වාතය එන්නත් කර, බලහත්කාරයෙන් අන් අයගේ කිරි පොවා, ළදරුවන් දෙදෙනෙකුට ඉන්සියුලින් එන්නත් කර ඇති බව වාර්තා වේ.

රෝහලේ දී නොමේරූ ළදරුවන්ගේ මරණ භයානක හා පැහැදිලි කළ නොහැකි ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් Cheshire Police විසින් සිදු කළ වසර දෙකක විමර්ශනයකින් පසුවයි ඇයව වැරදිකාරිය වී තිබෙන්නේ.

ReeCha