නව විෂය මාලාව ක්‍රියාත්මකයි - 10 සහ 11 ශ්‍රේණියට මේ විෂයන් අනිවාර්යයි
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැවති විශේෂ වැඩසටහනකදී 10 සහ 11 ශ්‍රේණිවල නව විෂය මාලාව පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කර ඇත.
මෙම ප්‍රතිසංස්කරණ යටතේ, 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් සඳහා මව් භාෂාව (සිංහල, දෙමළ හෝ වෙනත්), ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ආගම යන විෂයන් පහ අනිවාර්ය විෂයන් ලෙස නම් කර ඇත. මෙම විෂයන් සියලු සිසුන් විසින් හදාරනු ලබන අතර, ඒවා අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේදී තක්සේරු කිරීමට යටත් වේ
අනිවාර්ය විෂයන්ට අමතරව, සිසුන්ට තෝරාගත හැකි විෂයන් ලෙස ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් (කලා, නාට්‍ය, සංගීතය, නැටුම් ආදිය) ඇතුළත් කර ඇත. ඒ අනුව, සිසුන්ට තම රුචිකත්වයන් හා හැකියාවන්ට ගැළපෙන ආකාරයට ඉතිහාසය හෝ සෞන්දර්ය විෂයන් ඇතුළු විවිධ විෂය කාණ්ඩවලින් තවත් විෂයයන් දෙකක් තෝරා ගැනීමට අවස්ථාව හිමිවේ. මෙම තෝරාගැනීමේ විෂයන් තාක්ෂණය, කළමනාකරණය, ව්‍යවසායකත්වය, මානව ශාස්ත්‍ර, සමාජ විද්‍යාව, සෞඛ්‍ය හා භෞතික අධ්‍යයනය යන කාණ්ඩ යටතේ ලබා දී ඇත.
අමාත්‍යාංශය පවසන පරිදි, මෙම ප්‍රතිසංස්කරණ මඟින් සිසුන්ට තම රුචිකත්වයන්ට සහ වෘත්තීය ඉලක්කවලට ගැළපෙන විෂයයන් තෝරා ගැනීමේ නම්‍යශීලී බව ලබා දීම අරමුණු කර ඇත. එසේම, අධ්‍යාපන ක්‍රමය යාවත්කාලීන කරමින්, 21 වැනි සියවසේ අභියෝගවලට මුහුණ දීමට සිසුන් සන්නද්ධ කිරීම මෙම ප්‍රතිසංස්කරණවල මූලික ඉලක්කයකි.
මෙම විෂය මාලාව හඳුන්වාදීමත් සමඟ, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා තක්සේරු කරනු ලබන විෂයයන් 7කට සීමා කර ඇති අතර, මෙය සිසුන්ගේ බර අඩු කරමින් ඔවුන්ගේ අධ්‍යාපන ගමන්මග වඩාත් ඵලදායි කිරීමට උපකාරී වනු ඇතැයි අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.
