ඊශ්‍රායලයේ බස් රථයක් හදිසි ගිනි ගැනීමට ලක් වෙයි - ලංකාවේ 20ක් ඒ අතර

Report

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිතර මෙරට තරුණයින් රැගත් බස් රථයක් හදිසි ගිනිගැනීමකට ලක්ව ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

මෙම ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

මෙම අනතුරට ලක්ව ඇත්තේ ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයට ආසන්නයේ ඊයේ (18) උදේ තම සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටි පිරිසක්. අනතුර සිදුවන අවස්ථාවේ එම බස් රථයේ ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු සිට තිබේ.

බස් රථය ගිනිගැනීමත් සමග එහි දොර අවහිරවී ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන් එහි ජනෙල් කඩා ඉන් ඉවත්වී ඇත.

අද රෑ රුවන්වැල්ල මාර්ග වැසෙයි - ගමන්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

අද රෑ රුවන්වැල්ල මාර්ග වැසෙයි - ගමන්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

අනතුරෙන් පාදයක් තුවාල වූ එක අයෙකු රෝහල් ගතකර ඇතත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.

නිමල් බණ්ඩාර මහතා පැවසුවේ මේ පිළිබඳව විවිධ සටහන් තබා ඇතත්, තුවාල වූ තරුණයාට තදබල අනතුරක් නොමැති බවයි. එමෙන්ම අදාළ සමාගම ද ඔවුන්ගේ කටයුතු පිළිබඳව සොයා බලන බවත්, අනෙකුත් පිරිස සුපුරුදු පරිදි තම කටයුතුවල නිරත බවත් හෙතෙම සඳහන් කර සිටියා.

මුහුදු යන්න පැය 24ක් ඉන්න - ධීවරයන්ට අනතුරු ඇඟවීම්

මුහුදු යන්න පැය 24ක් ඉන්න - ධීවරයන්ට අනතුරු ඇඟවීම්