Astronomer සමාගමේ CEOගේ අනියම් පෙමේ රග ප්‍රසිද්ධ කැමරාවකින් ලෝකෙටම පෙනෙයි

Report

මේ වෙලාවේ ලෝකෙ ජනප්‍රියම කපල් එක තමයි Aundy සහ Kristin.

Aundy Byron කියලා කියන්නේ ලෝකෙ ප්‍රධානතම තාක්ෂණික සමාගමක් වන Astronomer හී ප්‍රධානියා වගේම බිලියනපතියෙක්

ඇය ඔහුගේම ආයතනයේ මානව සම්පත් ප්‍රධානියා Kristin Cabot. තවත් විදියකින් කියනවානම් Chief People Officer ලෙස සේවය කරන තැනැත්තිය.

මේ දෙන්නා බොහොම ආදරෙන් තුරුළු වෙලා ඉන්න මොහොතක් අහම්බෙන් කැමරාවක සනිටුහන් වීමත් සමගයි හැමදේම පටන් ගත්තේ.

කාන්තාවන් වෙනුවෙන් විශේෂ නිවේදනයක්

කාන්තාවන් වෙනුවෙන් විශේෂ නිවේදනයක්

ඇත්තම කිව්වොත් මේක අනියම් සමිබන්ධයක්.මේ අනියම් සම්බන්ධය එක මොහොතකින් ලෝකය පුරා පැතිරුණා

මේ ජෝඩුව මේ විදියට කැමරාවට අහුවෙන්නේ ඊයේ ඇමරිකාවේ තිබුනු සුපිරි සංගීත ප්‍රසංගයක් වන Coldplay ලාගේ ප්‍රසංගයකදී.

ඒ අතරතුර තමයි Coldplay ලාගේ කැමරාව කපල් එක වෙත යොමු වෙන්නේ. නොසිතපු මොහොතක , Aundy , Kristin දිහාවට කැමරාව යොමු වුණාට පස්සේ ඔවුන්ව පුළුල් තිරයෙත් දිස් වෙනවා. වැඩේ හබක් වෙනවා… දෙන්නා සෑහෙන්න කලබල වෙනවා.

කොහොම උනත් මේ වෙනකොට Andy ගේ බිරිද සියළුම සමාජ මාධ්‍ය වලින් සිය සැමියාගේ surname එක අයින් කරගෙන. ඒ අතරේ Andy Byron සමාව ඉල්ලා නිකුත් කරා කියන ඉතා ආකර්ශණිය ලියුමකුත් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනවා. ඒ ලිපිය ගැන හරි විදිහේ තහවුරු කිරීමක් වෙලා නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. 

මුහුදු යන්න පැය 24ක් ඉන්න - ධීවරයන්ට අනතුරු ඇඟවීම්

මුහුදු යන්න පැය 24ක් ඉන්න - ධීවරයන්ට අනතුරු ඇඟවීම්