තිරප්පනේ වෑන් අනතුරක් - 10ක් රෝහලේ

By Hashini Jul 19, 2025 06:57 AM GMT
Report

තිරප්පනය ප්‍රදේශයේ දී අද (19) උදෑසන වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 10 දෙනෙකු තුවාල ලබා මේ වනවිට රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ එහිදී කැකිරාව දෙස සිට ⁣අනුරාධපුර දෙසට ධාවනය කරමින් තිබු වැන් රථයක් එහි රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව තිරප්පනය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

Astronomer සමාගමේ CEOගේ අනියම් පෙමේ රග ප්‍රසිද්ධ කැමරාවකින් ලෝකෙටම පෙනෙයි

Astronomer සමාගමේ CEOගේ අනියම් පෙමේ රග ප්‍රසිද්ධ කැමරාවකින් ලෝකෙටම පෙනෙයි

මෙම වැන් රථය අනතුරට පත්වන අවස්ථාවේ දී එහි රියදුරු ඇතුළු පුද්ගලයින් 13 දෙනකු ගමන් කර ඇති අතර, සිදුව ඇති අනතුරින් එහි ගමන්ගත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කඩිනමින් අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. 

නව විෂය මාලාව ක්‍රියාත්මකයි - 10 සහ 11 ශ්‍රේණියට මේ විෂයන් අනිවාර්යයි

නව විෂය මාලාව ක්‍රියාත්මකයි - 10 සහ 11 ශ්‍රේණියට මේ විෂයන් අනිවාර්යයි