කාන්තාවන් වෙනුවෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට කාන්තා රියැදුරු කොන්දොස්තර තනතුරු 50 ක් ඇතුළු රියැදුරු කොන්දොස්තරවරුන් 750 ක් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව රියැදුරන් 425ක් සහ කොන්දොස්තරවරුන් 275 ක් ද කොන්දොස්තරවරියන් හා රියැදුරුවරියන් 25 දෙනක බැගින් 50 දෙනකු බඳවා ගැනීමට නියමිතය. ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාලන) ඉන්දික කුලතිලක පැවසුවේ මොවුන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම සිදුකරන බවත් ඉදිරි කාලයේදී ඔවුන්ගේ සේවය ස්ථිර කරන බවත්ය.
කාන්තා රියැදුරු හා කොන්දොස්තරවරියන් ලංකා ගමනාගමන මණ්ඩලයේ බඳවා ගැනීම සිදුකරන්නේ දීර්ඝ ඉතිහාසයකට පසු බවත් ඔවුන්ව කොළඹ බාලිකා පාසල් ප්‍රවාහන බස් සේවා සඳහා යෙදවීම අරමුණ බවත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.
එම මණ්ඩලය කියා සිටින්නේ මෙම බඳවා ගැනීම්වල මූලික අරමුණ ග්‍රාමීය බස්රථ වැඩි කිරීම බවත් මෙම තනතුරු සඳහා වයස අවුරුදු 18 ත් 45 ත් අතර වයසේ පසුවන අයට මෙම මස 31 වැනිදාට පෙර අයැදුම් කළ හැකි බවත්ය.
රියැදුරු තනතුර සඳහා වයස අවුරුදු 21 ත් 45 ත් අතර පසුවිය යුතු අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය, මව්භාෂාව ඇතුළු විෂයන් හයක් සම්මාන සාමාර්ථ දෙකක් සහිතව සමත්ව තිබිය යුතුය. උස අඩි පහක්, මනා සෞඛ්‍ය තත්ත්වයක්, බර වාහන රිය බලපත්‍රය වසර තුනකට වැඩිවීම අමතර සුදුසුකම් වනවා.
කොන්දොස්තර තනතුර සඳහා වයස අවුරුදු 18 ත් 45 ත් අතර මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින අයට අයැදුම් කළ හැකිය.බර වාහන රිය බලපත්‍රය හැර ඉහත සුදුසුකම් සියල්ලම ඊට අදාළය.
