කෝටි 100ක ලිංගික වීඩියෝ කුමන්ත්‍රණය - තායි භික්ෂූන්ට කළ පාරමිතාව?

Sexual harassment Thailand Latest Headlines Sinhala news gagana news
By Shehan Jul 19, 2025 07:11 AM GMT
Shehan

Shehan

Report

තායිලන්තයේ බැංකොක්හිදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟ ලිංගිකව හැසිරී, ඔවුන්ගේ ඡායාරූප සහ වීඩියෝ භාවිතා කරමින් මුදල් කප්පම් ගැනීමේ චෝදනාව මත කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිදුවීම පසුගිය වසරේ (2024) ජුනි මාසයේදී බැංකොක්හි ආරාමයක ප්‍රධාන භික්ෂුවක් හදිසියේ ආරාමයෙන් පිටව ගිය බවට ඇතිවූ සැකය මත පොලිසිය විසින් ආරම්භ කරන ලද විමර්ශනයකින් හෙළිදරව් වී ඇත. "මිස් ගොල්ෆ්" ලෙස හඳුනාගෙන ඇති මෙම කාන්තාව, එම භික්ෂුව සමඟ ලිංගිකව හැසිරී, ඔහුගේ දරුවා රැගෙන යන බවට තර්ජනය කරමින්, ළමා නඩත්තුව සඳහා තායි බාට් මිලියන 7කට (රුපියල් කෝටි 2කට ආසන්න) වඩා වැඩි මුදලක් ඉල්ලා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.

නව විෂය මාලාව ක්‍රියාත්මකයි - 10 සහ 11 ශ්‍රේණියට මේ විෂයන් අනිවාර්යයි

නව විෂය මාලාව ක්‍රියාත්මකයි - 10 සහ 11 ශ්‍රේණියට මේ විෂයන් අනිවාර්යයි

විමර්ශනවලට අනුව, මිස් ගොල්ෆ් නමැති මෙම කාන්තාව භික්ෂූන් වහන්සේලා නව දෙනෙකුගෙන් තායි බාට් මිලියන 385කට (රුපියල් කෝටි 100කට ආසන්න) ආසන්න මුදලක් කප්පම් ලෙස ලබාගෙන ඇත. ඇයගේ නිවස පරීක්ෂා කිරීමේදී ඡායාරූප සහ වීඩියෝ 80,000කට අධික ප්‍රමාණයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙම ඡායාරූප සහ වීඩියෝ, භික්ෂූන් වහන්සේලා බ්ලැක්මේල් කිරීම සඳහා භාවිත කර ඇති බව පොලිසිය පවසයි.

මෙම කාන්තාව විසින් භික්ෂූන් වහන්සේලා සමඟ ලිංගිකව හැසිරීමෙන් පසු, ඔවුන්ගේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ රහසිගත ඡායාරූප සහ වීඩියෝ ලබාගෙන, ඒවා එළිදරව් කරන බවට තර්ජනය කරමින් මුදල් ඉල්ලා ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. මෙම ක්‍රියාව බෞද්ධ සමාජය තුළ මහත් කැළඹීමක් ඇති කර ඇති අතර, භික්ෂූන් වහන්සේලාගේ ගෞරවයට හා ආරාමවල පවිත්‍රතාවයට බලපෑමක් එල්ල කර ඇත.

ඉදිරියට දළදා පෙරහැරේ අලි ඇතුන් නෑ විශේෂ අනාවරණයක්

ඉදිරියට දළදා පෙරහැරේ අලි ඇතුන් නෑ විශේෂ අනාවරණයක්

පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගැඹුරු විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අත්අඩංගුවට ගත් කාන්තාවට එරෙහිව බ්ලැක්මේල් කිරීම, මුදල් බලහත්කාරයෙන් ලබාගැනීම, සහ ආගමික ගෞරවයට හානි කිරීම යන චෝදනා යටතේ නීතිමය කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත.

මෙම සිදුවීම තායිලන්තයේ බෞද්ධ ආගමික ප්‍රජාව තුළත්, සමාජ මාධ්‍ය ඔස්සේත් පුළුල් ලෙස සාකච්ඡාවට ලක්ව ඇති අතර, භික්ෂු සමාජයේ ආරක්ෂාව සහ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා වඩාත් තදින් පියවර ගත යුතු බවට බලධාරීන්ට බලපෑම් එල්ල වෙමින් ඇත.

Astronomer සමාගමේ CEOගේ අනියම් පෙමේ රග ප්‍රසිද්ධ කැමරාවකින් ලෝකෙටම පෙනෙයි

Astronomer සමාගමේ CEOගේ අනියම් පෙමේ රග ප්‍රසිද්ධ කැමරාවකින් ලෝකෙටම පෙනෙයි

විදුලි බලය පුද්ගලික අංශයට - ආයෝජකයින්ට නව අවස්ථා

විදුලි බලය පුද්ගලික අංශයට - ආයෝජකයින්ට නව අවස්ථා

ReeCha