තලවතුගොඩ සමාජ ශාලාවක වෙඩි තැබීමක්

By Hashini Jul 19, 2025 05:59 AM GMT
Report

තලංගම පොලිස් වසමේ තලවතුගොඩ ප්‍රදේශයේදී අද අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීම තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි ඔස්ට්‍රේසියා ස්පොට් ක්ලබ් සමාජ ශාලාව පිහිටි භුමියේ සිදුව ඇති වාර්තා වනවා.

ව්‍යාපාරිකයෙක් සහ සුරාබදු නිලධාරියෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් ඇති වූ ආරවුලකදී ව්‍යාපාරිකයා විසින් ඔහු සතුව තිබු රිවෝල්වර වර්ගයේ ගිනි අවිය සුරාබදු නිලධාරියා වෙත එල්ල කර තිබෙනවා.

නව විෂය මාලාව ක්‍රියාත්මකයි - 10 සහ 11 ශ්‍රේණියට මේ විෂයන් අනිවාර්යයි

නව විෂය මාලාව ක්‍රියාත්මකයි - 10 සහ 11 ශ්‍රේණියට මේ විෂයන් අනිවාර්යයි

එම අවස්ථාවේ දී සුරාබදු නිලධාරියා විසින් ගිනි අවිය උදුරාගෙන අසල පිහිටි තාප්පයක් වෙත වෙඩි පහර කිහිපයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත එම ස්ථානය වෙත ගිය පොලිස් නිලධාරීන් රිවෝල්වර ගිනි අවිය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන් තිබෙනවා. 

කුරුණෑගල බිලිඳිය ඉල්ලා ඇමතුම් 1000ක්

කුරුණෑගල බිලිඳිය ඉල්ලා ඇමතුම් 1000ක්