මිනී මස් කැපූ ඝාතකයින් පොලිස් දැලේ .... .තව දුරටත් විමර්ශන

By Hashan May 05, 2025 05:43 AM GMT
Report

පාළු ඉඩමක් තුළ පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්තඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබුණා.

එම විමර්ශන ඔස්සේ ඊයේ (04) දින කොට්ටාව පොලිස් වසමේ මාකුඹුර අධිවේගි මාර්ග බස් නැවතුම්පල අසලදී සැකකරුවන් අත්තඩංගුවට  ගැනීමට පොලිසිය සමත් තිබෙනවා.

වැසුණු පාසල් යලි විවෘත වන දිනය

වැසුණු පාසල් යලි විවෘත වන දිනය

අදාළ සැකකරුවන් ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 31,32 හා 34 යන වයස්වල පසුවන පුද්ගලයන් බවයි වාර්තා වන්නේ .

අපරාධකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් ඔස්සේ අනාවරණය කර ගත් තොරතුරු මත අපරාධය සදහා යොදා ගත් කඩු 02 ක් හා ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.   

පසුගිය මැයි මස 01 වන දින ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ මාර්ගයේ දී අදාළ ඝාතනය සිදු කර තිබුණා .

කෙසේ වෙතත් අදළ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. 

විදේශගතව සිටින සැකකරුවන් ගෙන්වා ගැනීමට කටයුතු කරනවා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

විදේශගතව සිටින සැකකරුවන් ගෙන්වා ගැනීමට කටයුතු කරනවා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක