වහා රැස් වී, ආන්දෝලනයට තුඩු දුන් දෙයක් ගැන.. ජනපති සහ නීතිපති කතා කරලා.. වෙලා තියෙන දෙය මෙන්න..(PHOTOS)

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

නව රජයෙන්.. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැන අලුත්ම තීරණයක්.. අද සිට ලැබෙන සහනය මෙන්න..

නව රජයෙන්.. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැන අලුත්ම තීරණයක්.. අද සිට ලැබෙන සහනය මෙන්න..

ජනාධිපති අරමුදලට වැරදි තොරතුරු දීලා.. මුදල් ගත්ත හිටපු මන්ත්‍රීවරුන්ට මොකද වෙන්නේ?. කරන්න යන දෙය මෙන්න..

ජනාධිපති අරමුදලට වැරදි තොරතුරු දීලා.. මුදල් ගත්ත හිටපු මන්ත්‍රීවරුන්ට මොකද වෙන්නේ?. කරන්න යන දෙය මෙන්න..

එමෙන්ම, අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවත්, දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර විශ්වාසය තහවුරු කළ යුතු බවත්, මහජන අපේක්ෂා බිඳ වැටීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එසේම, මහජන අපේක්ෂා බිඳ වැටීමට රජයක් ලෙස කටයුතු නොකරන බවත්, ජනතාවගේ සිත් තුළ බිඳ වැටී තිබුණු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාද, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ යන මහත්වරු ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

කෙසේ වෙතත්, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින් දැක් වේ,

You May Like This Video👇 

GalleryGalleryGalleryGalleryGalleryGallery