නවසීලන්තය පරදා පස්වැනි එක්දින තරගය ඉන්දියාව ජයගනී - තරගාවලියේ ජයත් ඉන්දියාවට [VIDEO]
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන් ලකුණු 22ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව අද (15) සමත් වුණා.
ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 3-1ක් ලෙස ජය ගැනීමට ඉන්දියාවට හැකි වූ අතර, වසර හතකට පසු නවසීලන්තය සිය මව්බිමේදී එක්දින තරගාවලියක් පරාජයට පත්වීම ද විශේෂත්වයක්.
Mount Maunganui හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 209ක් රැස් කළා.
එම ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 187ක් පමණයි.
වසර 8කට පසු යළි කරළියට ආ ‘සෑන්ඩ්පේපර් ගේට්’ ගිනි පුපුර - අත්දැකීම් බහුල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට පන්දුවේ වෙනස නොපෙනී ගියේ කොහොමද කියා වසීම් අක්රම් ප්‍රශ්න කරයි
ඉන්දීය පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ නවසීලන්ත පිතිකරුවන්ට සාර්ථක සම්බන්ධතා ගොඩනඟා ගැනීමට නොහැකි වූ අතර, අර්ෂ්දීප් සිං කඩුලු 3ක් දවාගනිමින් ඉන්දීය ජයග්‍රහණයට විශාල දායකත්වයක් ලබා දුන්නා.
ඔහු ලකුණු 30කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා. මොහොමඩ් සිරාජ් කඩුලු 2ක් දවාගත් අතර, අක්ෂර් පටෙල් ද කඩුලු 2ක් බිඳහෙළුවා.
යෂ් ඨාකූර් සහ අනෙකුත් පන්දු යවන්නන් ද නවසීලන්ත පිතිකරුවන් පාලනය කිරීමට දායක වුණා.
තරගයේ වීරයා ලෙස අර්ෂ්දීප් සිං නම් කෙරුණු අතර, තරගාවලියේ වීරයා සම්මානය කඩුලු 9ක් දවාගත් ගුර්නූර් බ්‍රාර්ට හිමි වුණා. මෙම ජයග්‍රහණයත් සමඟ ගෞතම් ගම්භීර්ගේ පුහුණුකාරීත්වය යටතේ ඉන්දියාව විදේශයකදී ජයගත් පළමු එක්දින තරගාවලිය ලෙස ද මෙය සටහන් වනවා.
