‘සුවසැරිය’ ගිලන්රථ සේවාව අනතුරේ?පළපුරුදු සේවකයින් වැඩි වැටුප් සොයා විදෙස්ගත වෙයි

Report

 1990 සුවසැරිය ගිලන්රථ සේවාවේ කාර්ය මණ්ඩලයට 2018 වසරේ සිට මේ දක්වා කිසිදු වැටුප් වර්ධකයක් ලබාදී නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්)දී අනාවරණය වී ඇත .

මෙම වැටුප් ගැටලුව හේතුවෙන් සේවයට බඳවාගනු ලබන කාර්ය මණ්ඩලය දිගුකාලීනව රැඳී නොසිටීමත්, සේවකයන් විදෙස් රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාව ඉහළ යාමත් බරපතළ ගැටලුවක් වී ඇති බව එහිදී අනාවරණය විය.

කෝප් කාරක සභාව හමුවේ කරුණු දක්වමින් සුවසැරිය පදනමේ පත්කළ අධ්‍යක්ෂ නීතිඥ නලින් පෙරේරා මහතා සඳහන් කළේ, සේවකයන්ට මේ දක්වා හිමිවන්නේ 2018 වසරේදී ලබාදුන් ආරම්භක වැටුප පමණක් වන බවයි.

   රජයේ සේවකයන්ට වැටුප් වර්ධක ලබාදීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය හරහා අයවැය දෙපාර්තමේන්තුව වෙත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ යුතු බවත්, එම ක්‍රියාවලිය අවසන් වනතෙක් වැටුප් වැඩි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බවත් ඔහු පැහැදිළි කර ඇත.

නව සේවකයන් බඳවාගෙන පුහුණුව ලබාදී සේවයට අනුයුක්ත කළද ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් පසුව සේවය අතහැර යන බව සුවසැරිය පදනමේ සභාපති නිරෝෂන් රත්නායක මහතා පෙන්වා දී ඇත.

LAUGFS සමාගම ඊ ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති පසුබිමක ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

LAUGFS සමාගම ඊ ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති පසුබිමක ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

  පවතින ආර්ථික තත්ත්වය හමුවේ සුවසැරිය සේවයට එක්ව පළපුරුද්ද ලබාගන්නා සේවකයන් වැඩි වැටුප් සහිත රැකියා සොයා විදෙස්ගත වීම මේ වනවිට ප්‍රධාන අභියෝගයක් බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

   එමෙන්ම සුවසැරිය සේවකයන්ගේ නවාතැන් පහසුකම් සම්බන්ධයෙන්ද කෝප් කාරක සභාවේදී අවධානය යොමු ව ඇත සේවාවේ ගිලන්රථ බහුතරයක් පොලිස් ස්ථානවල ස්ථානගත කර ඇති අතර, ඉතිරි ගිලන්රථවලින් සුළු ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ විහාරස්ථාන පරිශ්‍රවල ස්ථානගත කර ඇත.

  පොලිස් ස්ථානවල පවතින පහසුකම් සුවසැරිය කාර්ය මණ්ඩලයට ද ලබාදී තිබුණද, එම ස්ථානවල පවතින විවිධ අඩුපාඩු හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ගැටලු අවම කරගැනීමට අපේක්ෂා කරන බවද මෙහිදී ප්‍රකාශ විය.

ඉදිරියේදී නව සේවකයන් බඳවාගැනීමේදී මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි බව පෙන්වා දුන් නීතිඥ නලින් පෙරේරා මහතා, ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා රජයේ සෘජු මැදිහත්වීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.

ඒ අනුව, ආරම්භක පියවරක් ලෙස වාර්ෂිකව යම් මුදලක් රජයේ අයවැයෙන් වෙන් කරමින් ඉදිරි වසර 10ත් 15ත් අතර කාලය තුළ සුවසැරිය සේවකයන්ගේ නවාතැන් පහසුකම් සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලීමක් කළේය.

සුක්කානමක් නැහැ, පැඩල් නැහැ, රියදුරෙකුත් නැහැ - ඉලොන් මස්ක්ගේ සුපිරි 'Cybercab' විද්‍යුත් රථය පෞද්ගලික පාරිභෝගිකයින්ටත් මිලදී ගැනීමට Tesla සමාගම අවස්ථාව

සුක්කානමක් නැහැ, පැඩල් නැහැ, රියදුරෙකුත් නැහැ - ඉලොන් මස්ක්ගේ සුපිරි 'Cybercab' විද්‍යුත් රථය පෞද්ගලික පාරිභෝගිකයින්ටත් මිලදී ගැනීමට Tesla සමාගම අවස්ථාව