දැඩි කතාබහට ලක්වූ අනුරාධපුර නගර සැලැස්ම ගැන හෙට විශේෂ හෙළිදරව්වක්
By Kanchana
අනුරාධපුර නගර සැලැස්ම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් හෙට (16) පැවැත්වීමට නියමිතව තිබේ.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම මාධ්‍ය හමුවට වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඥානතිලක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
මේ දිනවල අනුරාධපුර නගර සැලැස්ම සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතුව ඇති අතර, එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙසට ද විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.
මෙම පසුබිම තුළ අදාළ නගර සැලැස්ම සම්බන්ධයෙන් පවතින කරුණු පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අරමුණින් මෙම විශේෂ මාධ්‍ය හමුව සංවිධාන කර ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.