ඇස් පෙනීමේ ගැටලු ඇති සරසවි සිසුන්ට සහනයක් - ජනාධිපති අරමුදලෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි

Report

ජනාධිපති අරමුදලේ වැඩසටහනක් යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 526 දෙනෙකුට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඇස් කණ්ණාඩි අවශ්‍යතාව ඇති සියලු විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ එම සිසුන් තෝරා ගැනීම ඊයේ (14) යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එම විශේෂ වැඩසටහන සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 800කට අධික පිරිසක් ඇස් පරීක්ෂාවට සහභාගී වී තිබෙනවා.

එහිදී ඇස් කණ්ණාඩි ලබාදීම සඳහා සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් 526 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ට ඉදිරි මාසය ඇතුළත නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පත් ගැන අලුත්ම දත්ත අනාවරණයක් එළියට - සැප්තැම්බර් දත්තවලින් හෙළි වූ දේ මෙන්න

ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පත් ගැන අලුත්ම දත්ත අනාවරණයක් එළියට - සැප්තැම්බර් දත්තවලින් හෙළි වූ දේ මෙන්න

ජනාධිපතිවරයාගේ මාර්ගෝපදේශකත්වය යටතේ ජනාධිපති අරමුදල විසින් හඳුන්වා දුන් මෙම වැඩසටහන එක්සත් රාජධානියේ Stroud Rotary Club සහ Wish පදනමේ අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාත්මක වනවා.

මෙහි පළමු අදියර රජරට විශ්වවිද්‍යාලයේදීත්, දෙවන අදියර රුහුණු විශ්වවිද්‍යාලයේදීත් මීට පෙර සාර්ථකව පවත්වා තිබෙනවා.

ඊයේ පැවැති වැඩසටහනට ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රතීපන් සහ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටී. වෙල්නම්පි යන මහත්වරුන් ඇතුළු පීඨාධිපතිවරුන්, විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලය සහ සිසු සිසුවියන් පිරිසක් එක්ව සිටියා.

උඩගිය රන් මිල බිමට වැටෙයි - මෙන්න අද ලංකාවේ රත්තරන් මිල

උඩගිය රන් මිල බිමට වැටෙයි - මෙන්න අද ලංකාවේ රත්තරන් මිල