නෙදර්ලන්තයට යන්නද ඉන්නේ? නෙදර්ලන්ත තානාපති කාර්යාලයෙන් අති විශේෂ දැනුම්දීමක්
මෙරට නෙදර්ලන්ත තානාපති කාර්යාලය පවසන්නේ නෙදර්ලන්තයේ ව්‍යාජ රැකියා අවස්ථා පොරොන්දුවෙමින් ඇතැම් පාර්ශ්වයන් විසින් පුද්ගලයින් නොමඟ යවන බවට වන තොරතුරු සම්බන්ධයෙන් සිය අවධානය යොමුවී ඇති බවයි.
වැඩිදුරටත් නෙදර්ලන්ත තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ ඇතැම් පිරිස් මේ වනවිටත් මෙවැනි ජාවාරම්වල ගොදුරු බවට පත්ව ඇති බවත් නෙදර්ලන්ත ආගමන සේවාවේයැයි හැඟවෙන අයුරින් සකස් කරන ලද ව්‍යාජ ලිපි ද සංසරණය වෙමින් පවතින බවත්ය.
රාජ්‍ය නිළධාරීන් වෙනත් රාජකාරි සඳහා පැවරීම ගැන දැනුම්දීමක් - දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේකයක් නිකුත් කෙරේ
වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක් හැර සෑම ආකාරයකම රැකියා සඳහා නෙදර්ලන්තය වීසා නිකුත් නොකරන බවයි.
මෙරට නෙදර්ලන්ත තානාපති කාර්යාලය අවධාරණය කරන්නේ කෙසේ වෙතත් උසස් නිපුණතා සහති උසස් තාක්ෂණ රැකියා සඳහා පමණනක් සැබෑ රැකියා අවස්ථා තිබිය හැකි බවත් සෙසු සියල්ලම ව්‍යාජ විය හැකි බවත්ය.
රු.6,000ක දීමනාව මදියි.. රු.10,000ක දීමනාවක් හරි දෙන්න - අයවැයෙන් නොසලකා හැරිය බව කියා ගුරුවරුන් පාරට බසියි
එමෙන්ම නෙදර්ලන්තයේ රැකියා සඳහා තානාපති කාර්යාල කිසිදු ආකාරයක බඳවා ගැනීමක් සිදු කරන්නේ නැත. විවිධ පාර්ශවයන් විසින් ලබාදෙන රැකියා අවස්ථා පිළිබඳව කිසිදු ආකාරයක මූල්‍යමය බැඳීමක් ඇති කර ගැනීමට පෙර අදාළ සේවායෝජකයින් වෙතින් ඍජුවම පරීක්ෂා කරන ලෙසත්, එවැනි ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් වහාම අවශ්‍ය නීති සහය ලබාගන්නා ලෙසත් මෙරට නෙදර්ලන්ත තානාපති කාර්යාලය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
