මීට සුළු මොහොතකට පෙර චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලිනී රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි

Report

හිටපු කතානායකවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු ද වන චමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන චන්ද්‍රා මාලිනී රාජපක්ෂ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

මියගිය චන්ද්‍රා මාලිනී රාජපක්ෂ මහත්මිය හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ මව ද වන අතර ඇය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බව බව මාධ්‍ය වාර්තා කරයි.

චමල් රාජපක්ෂ මෙරට පාර්ලිමේන්තුවේ කතානායක ධුරය මෙන්ම අමාත්‍ය ධුර කිහිපයක් ද හොබවා ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වේ.

ඒ අනුව, අභාවප්‍රාප්ත චන්ද්‍රා මාලිනී රාජපක්ෂගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි. 

රාජ්‍ය නිළධාරීන් වෙනත් රාජකාරි සඳහා පැවරීම ගැන දැනුම්දීමක් - දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේකයක් නිකුත් කෙරේ

රාජ්‍ය නිළධාරීන් වෙනත් රාජකාරි සඳහා පැවරීම ගැන දැනුම්දීමක් - දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේකයක් නිකුත් කෙරේ

ලිට්‍රෝ ගෑස් සඳහා පීඩනයක්? ලාෆ්ස් ගෑස් මිල ඉහළ යාමත් සමඟ ලිට්‍රෝ මිලට මොකද වෙන්නේ?

ලිට්‍රෝ ගෑස් සඳහා පීඩනයක්? ලාෆ්ස් ගෑස් මිල ඉහළ යාමත් සමඟ ලිට්‍රෝ මිලට මොකද වෙන්නේ?

මීට සුළු මොහොතකට පෙර චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලිනී රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි | Chandra Malini Rajapaksa Passes Away