රු.6,000ක දීමනාව මදියි.. රු.10,000ක දීමනාවක් හරි දෙන්න - අයවැයෙන් නොසලකා හැරිය බව කියා ගුරුවරුන් පාරට බසියි

Report

2027 අයවැයෙන් තම දීමනා ඉහළ නැංවීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව පවසමින් පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියන් පිරිසක් විරෝධතාවක නිරත වී ඇත.

අද උදෑසන මෙම විරෝධතාවට මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෙර පාසල් ගුරුවරියන් 100කට ආසන්න පිරිසක් එක්ව සිටි බව මාධ්‍ය වාර්තා කරයි.

වාර්තා වන ආකාරයට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පා ගමනින් මැදිරිගිරිය නගරයට පැමිණි ගුරුවරියන්, නගරයේ ඔරලෝසු කණුව අසල නිහඬ විරෝධතාවක නිරත වී ඇත.

රාජ්‍ය නිළධාරීන් වෙනත් රාජකාරි සඳහා පැවරීම ගැන දැනුම්දීමක් - දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේකයක් නිකුත් කෙරේ

රාජ්‍ය නිළධාරීන් වෙනත් රාජකාරි සඳහා පැවරීම ගැන දැනුම්දීමක් - දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේකයක් නිකුත් කෙරේ

රජයෙන් තමන්ට දැනට ලබාදෙන රුපියල් 6,000ක දීමනාව වසර කිහිපයක සිට ඉහළ නංවා නොමැති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙර පාසල් ගුරුවරියන් සඳහන් කර ඇත.

ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවර අයවැයෙන් එම දීමනාව වැඩි කරන බවට දේශපාලනඥයින් පොරොන්දු ලබාදී තිබුණද, ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කිරීමේදී ඒ සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොකිරීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

තවද විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ පෙර පාසල් ගුරුවරියන්ට දෙමව්පියන්ගෙන් එකතු කර ලබාදෙන්නේ ද ඉතා සුළු මුදලක් බවයි. ඔවුන් අවධාරණය කරන්නේ ඩිප්ලෝමා සහ උපාධි සුදුසුකම් සහිත ගුරුවරියන් පවා පෙර පාසල්වල සේවය කරන අතර, දැනට හිමිවන රුපියල් 6,000ක දීමනාවෙන් ජීවන වියදම පියවා ගැනීමට නොහැකි බවයි.

ලිට්‍රෝ ගෑස් සඳහා පීඩනයක්? ලාෆ්ස් ගෑස් මිල ඉහළ යාමත් සමඟ ලිට්‍රෝ මිලට මොකද වෙන්නේ?

ලිට්‍රෝ ගෑස් සඳහා පීඩනයක්? ලාෆ්ස් ගෑස් මිල ඉහළ යාමත් සමඟ ලිට්‍රෝ මිලට මොකද වෙන්නේ?

පෙර පාසල් අධ්‍යාපනය වෙනුවෙන් විශාල කැපවීමක් සිදුකරන තමන්ගේ සේවය පිළිබඳව රජය ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවට ද ගුරුවරියන් චෝදනා කර ඇති අතර මෙවර අයවැයෙන් තමන් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට නොහැකි වූයේ නම්, අවම වශයෙන් දැන්වත් සිය ඉල්ලීම් සලකා බලා රුපියල් 10,000ක හෝ දීමනාවක් ලබාදීමට කටයුතු කරන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

ජනාධිපතිවරයා අයවැය කතාවේදී පෙර පාසල් ගුරුවරුන්ගේ ගැටලු පිළිබඳව අවධානය යොමු නොකිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කලකිරීමට පත්ව සිටින බව ද විරෝධතාවට එක්වූ ගුරුවරියන් සඳහන් කර ඇති අතර විරෝධතාකරුවන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ පෙර පාසල් ගුරුවරුන්ගේ සේවය ඇගයීමට ලක්කරමින් ඔවුන්ට සාධාරණ දීමනාවක් ලබාදීම සඳහා රජය කඩිනමින් මැදිහත් විය යුතු බවයි.

මීට සුළු මොහොතකට පෙර චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලිනී රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි

මීට සුළු මොහොතකට පෙර චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලිනී රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි

රු.6,000ක දීමනාව මදියි.. රු.10,000ක දීමනාවක් හරි දෙන්න - අයවැයෙන් නොසලකා හැරිය බව කියා ගුරුවරුන් පාරට බසියි | Preschool Teachers Protest Over Rs 6000 Allowance