ඔබටත් දැන් පහසුවෙන්ම ඉන්දියාවේ සුප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබා ගන්න අවස්ථාවක් ..

By Piyumika Jul 15, 2024 09:28 AM GMT
Report

ඉන්දියාවේ ඇපලෝ රෝහලේ සිටින සුප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ සිට දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීමේ විශේෂ සේවාවක් ආරම්භ කර ඇත.

ඒ අනුව ලංකා e-doc නැමති දුරකථනය ඔස්සේ ඉන්දියාවේ ඇපලෝ රෝහ‍ලේ සේවය කරන සුප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරුන්ට ඇමතුම් ලබාදී එම වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි බවද රෝහල් පාලනාධිකාරිය සඳහන් කර තිබේ.

මේ දැනුම් දීම එතෙර රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට..

මේ දැනුම් දීම එතෙර රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට..

බෝවන රෝග ,බෝ නොවන රෝග, හෘද රෝග ශල්‍යකර්ම සහ සුවිශේෂී රෝගී තත්ත්වයන් පිළිබඳව ඒ ඒ විශේෂඥ වෛද්‍යවරුන්ට කතාකර රෝගීන් රෝහල් සඳහා සහ ප්‍රතිකාර සඳහා යොමු කිරීමට එම වැඩපිළිවල ඔස්සේ හැකි බවද එම පාලනාධිකාරිය පවසා ඇත .

ඒ අනුව ශ්‍රී ලංකාවේ රෝගීන්ට දුරකථන අංක 1305 ඔස්සේ ඉන්දියාවේ ඇපලෝ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සම්බන්ධ විය හැකි බවද එම රෝහල් පාලනාධිකාරිය කියයි.

පොඩි අයියාව මරලා පිරිතුත් දාලා ගිහින්....

පොඩි අයියාව මරලා පිරිතුත් දාලා ගිහින්....

ඉන්දියාවට ගොස් විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ සංකීර්ණ ක්‍රියාවලියට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සිටම ඔවුන් සම්බන්ධ කර ගැනීමට හැකිවීම ශ්‍රී ලංකාවේ ජනතාවට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් වන බවද ඇපලෝ රෝහලේ ජාත්‍යන්තර අංශය බාරව සිටින නියෝජ්‍ය සභාපති ජිටු ජෝස් පසුගියදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.