පොඩි අයියාව මරලා පිරිතුත් දාලා ගිහින්....

By Piyumika Jul 15, 2024 07:58 AM GMT
Report

මොරටුව ලක්ෂපතිය රතුකුරුස වත්ත ප්‍රදේශයේ නිවසක අද (15) අලුයම තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇත .

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි හරේන්ද්‍ර කුමාර නොහොත් "පොඩි අයියා" නැමැත්තෙකි .

ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලිස් ස්ථානය කටයුතු කර තිබුණි.

පෙම්වතා තොවිලයට ගියායි යකා වැහුන පෙම්වතිය කළ දේ..

පෙම්වතා තොවිලයට ගියායි යකා වැහුන පෙම්වතිය කළ දේ..

කුමන කරුණක් සම්බන්ධව ඝාතනය සිදුවූවාද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ, ඊයේ රාත්‍රී 11ට පමණ අදාළ නිවස ආසන්නයෙන් කෑගසන සද්දයක් ඇසුණු බවත් ඉන් සුළු වේලාවකට පසු නිවසේ පිරිත් නාදවීම හේතුවෙන් නිවසට ළඟා නොවූ බවය.

ගාල්ල බන්ධනාගාරයෙන් මාරාන්තික රොගයක් ..අයෙක් මරුට තවත් තිදෙනෙක් රෝහලේ..

ගාල්ල බන්ධනාගාරයෙන් මාරාන්තික රොගයක් ..අයෙක් මරුට තවත් තිදෙනෙක් රෝහලේ..

කෑ ගැසීමට නොහැකි ආකාරයෙන් බිරිඳව කඹයකින් ගැට ගසා තිබී ඇති අතර, පසුව ඇය කෙසේ හෝ උත්සාහ කර ජංගම දුරකථනයෙන් අසල්වාසී කාන්තාවකට ඇමතුමක් ගෙන තිබේ.

පසුව දුරකථනයෙන් කෙඳිරි හඬක් ඇසීම හේතුවෙන් ඇමතුම දුන් කාන්තාව නිවසට පැමිණ බැලීමේ දී මෙම විපත දැක තිබේ. බිරිඳව වහාම රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කරනු ලැබීය .