අයිස් සමග අත්අඩංගුවට ගත් කොස්තාපල් රිමාන්ඩ්
By Kanchana
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ දෙමටගොඩ ප්‍රදේශයේදීය.
තවද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ සැකකරුවන් ඊයේ (17) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් දින 14ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පසුගිය 16 වන දින දෙමටගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂක කුටිය අසල දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමග පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ
මෙලෙස අත්අඩංගුවට ගත් අදාළ පොලිස් නිලධාරියා දෙමටගොඩ පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බව සිදුකළ වැඩිදුර විමර්ශනලදී හෙළිව තිබේ.