විශේෂ ආරක්‍ෂක සාකච්ඡාවකට අරුණ ජයසේකර ඇතුළු පිරිසක් ජපානයට යයි

Report

ශ්‍රී ලංකා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය (විශ්‍රාමක) මෙජර පෙනරල් අරුණ ජයසේකර ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක දූත පිරිසක්, දෙවන වරට පැවැත්වෙන ජපාන – ශ්‍රී ලංකා ආරක්‍ෂක සංවාදයට සහභාගී වීම සඳහා ජපානයේ දෙදින නිල සංචාරයක නිරත වූ බව සඳහන් වේ.

ඒ අනුව මෙහිදී දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය, ආරක්‍ෂක සහයෝගීතාව, සහ සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධ උපායමාර්ගික සබඳතා යළි තහවුරු කර තිබේ.

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

ශ්‍රී ලංකා දූත පිරිස ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් සාකච්ඡා කිහිපයකටම සහභාගී වූ බව සඳහන්. එමෙන්ම ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනක් කුමාරසිංහ මැතිතුමා සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා දූත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගැනීම සිදු කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමති අතර පෙරේදා (17) දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.

ශ්‍රීලන්කන් හිටපු CEO මහින්දට සහ පියංකරට මිලියන ගානක අල්ලස් දුන් බව හෙළිවේ

ශ්‍රීලන්කන් හිටපු CEO මහින්දට සහ පියංකරට මිලියන ගානක අල්ලස් දුන් බව හෙළිවේ

එහිදී ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවයන් මහජන අභිලාෂයන්ට අනුකූලව පෙළගැස්වීම, රජය ගෙන ඇති ආරක්‍ෂක ප්‍රතිසංස්කරණ, විධිමත් රාජ්‍ය පරිපාලනය, දූෂණය පිටුදැකීම, නීතිය ආරක්‍ෂා කිරීම, සහ ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යාම පිළිබඳ කරුණු පැහැදිලි කර ඇත. එහිදී ජපාන රාජ්‍ය අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ විධිමත් නීති පද්ධතිය සහ රජයේ කැපවීම අගය කර තිබේ.