දිස්ත්‍රික්ක 16 කට ‘අවධානම් මට්ටමේ’ අනතුරු ඇඟවීමක්
බස්නාහිර, සබරගමුව, උතුරු මැද, දකුණු සහ වයඹ පළාත් සමඟ මොනරාගල, මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය පිළිබඳ උපදේශනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
හෙට (20) දිනට වලංගු වන මෙම උපදේශනය අනුව, දිස්ත්‍රික්ක 16ක සමහර ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය “අවවාදයයි” මට්ටම දක්වා ඉහළ යා හැකි බව සඳහන් වේ.
එම හේතුවෙන්, දිගු කාලයක් උණුසුමට නිරාවරණය වීමෙන් ශරීර තෙහෙට්ටුව ඇතිවිය හැකි අතර, දිගුකාලීන ශාරීරික ක්‍රියාකාරකම් හේතුවෙන් තාප කැක්කුම වැනි තත්ත්වයන් ද ඇති විය හැකි බවට අනතුරු ඇඟවෙයි.
