හිතක් පපුවක් නැතුව සද්ධන්තයට ගිනි තියපු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

Report

සීප්පුකුලම ප්‍රදේශයේ දී පිලිස්සීමෙන් මියගිය වනඅලියා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයක් අනුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මිහිතලය පොලීසියට හැකිවී ඇත.

මේ අතර වනඅලියා ගින්නෙන් පුලුස්සා හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍යයේ සංසරණය විය.

පොලීසිය සඳහන් කළේ එසේ හිංසාවට ලක්වූ වනඅලියා මිහින්තලය පොලීස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ දී මියගොස් සිටි බවත් අලියා මියයෑම සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වකුගඩු හා අක්මාවේ ඇති වු රෝගී තත්ත්වය හා පිලිස්සීමෙන් භීතියට පත්වීම යන කරුණු හේතුවෙන් මරණයට පත්ව ඇති බවට නියගමනය කර ඇති බවයි.

මිහින්තලේ අලි ඝාතනයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් දෙන්න - සජිත්

මිහින්තලේ අලි ඝාතනයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් දෙන්න - සජිත්

එබැවින් ඊයේ (17) දින සවස මිහින්තලය පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ දී වනඅලියාට ගිනි තබා සත්ත්ව හිංසාව සිදුකිරීමේ වරදට මිහින්තලය පොලීසියේ නිලධාරීන් විසින් අවුරුදු 42, 48 සහ 50 යන වයස්වල එම ප්‍රදේශයේම පදිංචිකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.

අඳාළ සැකකරුවන්ව අද (18) දින අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වන අලියෙකු පුලුස්සා ඝාතනය කළ සැකකරු සොයා යුද හමුදා ඔත්තු සේවයත් එක්වෙයි

වන අලියෙකු පුලුස්සා ඝාතනය කළ සැකකරු සොයා යුද හමුදා ඔත්තු සේවයත් එක්වෙයි

සිගරට් එකත් කටේ ගහන් චන්ඩි පාට් දාපු පොලිස් ලොක්කට ස්ථාන මාරුවක්

සිගරට් එකත් කටේ ගහන් චන්ඩි පාට් දාපු පොලිස් ලොක්කට ස්ථාන මාරුවක්