අත්‍යවශ්‍ය සේවාවක් ලෙස බැංකු දිගටම

Report

ඉන්ධන සහ බලශක්ති සම්පත් සංරක්ෂණය කිරීම සඳහා හඳුන්වා දී ඇති තාවකාලික පියවර මධ්‍යයේ වුවද, සතියේ දින පහම බැංකු අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා බැංකු සංගමය මහජනතාවට දැනුම් දී ඇත.

ඒ අනුව, සඳුදා සිට සිකුරාදා දක්වා සියලු බැංකු ශාඛා විවෘතව පවතින අතර, බදාදා දිනවල සේවා කාලය පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා සීමා කෙරේ. එම නිසා, ගනුදෙනුකරුවන්ට සතිය පුරා මූලික බැංකු සේවාවන් ලබා ගැනීමට හැකි බව සංගමය සඳහන් කරයි.

තවද, මෙම කාලය තුළ ජාතික උත්සාහයන්ට සහාය වීම සඳහා, ජංගම බැංකු යෙදුම් හා අන්තර්ජාල බැංකු සේවාවන් වැනි ඩිජිටල් මාර්ග භාවිතා කිරීම වැඩි කිරීමට පාරිභෝගිකයින් දිරිමත් කර ඇත.

ලෝක ඉන්ධන මිල ඩොලර් 110ට

ලෝක ඉන්ධන මිල ඩොලර් 110ට

අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් බැංකු ශාඛා වෙත පැමිණීමත්, අනවශ්‍ය ගමන් සීමා කිරීමත් මඟින් බලශක්ති භාවිතය අඩු කිරීමට සහාය වන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා ඇත.

මෙම ක්‍රියාමාර්ග, රට තුළ ඉන්ධන හා බලශක්ති සංරක්ෂණය කිරීම සඳහා ගනු ලබන පුළුල් උත්සාහයන්ට අනුකූල බවත්, වත්මන් ගෝලීය අවිනිශ්චිතතා කෙටි කාලීනව ස්ථාවර වනු ඇති බවත් සංගමය විශ්වාස පළ කරයි.

ශ්‍රී ලංකා බැංකු සංගමය යනු රටේ සියලුම බලපත්‍රලාභී වාණිජ සහ විශේෂිත බැංකු නියෝජනය කරන ප්‍රධාන ආයතනයකි.

ඉරාන නැව් දෙක නිසා අදත් පාර්ලිමේන්තුව උණුසුම් - IRIS Bushehr නෞකාව රඳවා ගන්නවා විජිතගෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක්

ඉරාන නැව් දෙක නිසා අදත් පාර්ලිමේන්තුව උණුසුම් - IRIS Bushehr නෞකාව රඳවා ගන්නවා විජිතගෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක්