ලංකාවටම සුභ ආරංචියක් - තෙල් ගැන බයවෙන්න දෙයක් නෑ - ලංකාවට තෙල් ගන්න රටවල් තුනකින් උදව්

Report

අද දින (19) රැස්වූ පාර්ලිමේන්තුවේදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසා සිටියේ රටට ඉන්ධන ගැනීමට චීනය රුසියාව සහ ඉන්දියාව සමග සාකච්ඡා සාර්ථක ලෙස ඉදිරියට යමින් තිබෙන බවයි.

ගුවන්තොටුපළවල් අර්බුදයට ලක්වීම හේතුවෙන් විදේශගතවීම් ප්‍රමාද වී ඇති බව පැවසූ විදේශ අමාත්‍යවරයා නිෂ්පාදකයන් සහ අපනයනකරුවන්ද අද අර්බුදයට ලක්ව සිටින බව ප්‍රකාශ කළේය.

QR ප්‍රශ්ණේ ඉවරයි - කලින් QR කේතය නැවත ගන්න Override ක්‍රමයක් රජයෙන්

QR ප්‍රශ්ණේ ඉවරයි - කලින් QR කේතය නැවත ගන්න Override ක්‍රමයක් රජයෙන්

කොළඹ වරාය නගර කොමිෂන් සභාව පනත යටතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ පිලිපීනයෙන් ඩොලර් ලක්ෂයක් ලබාදීමට එකඟ වී ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ලෝකයේ තෙල් සැපයුමට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා තැබීම බලපානවා. අපේ තෙල් ප්‍රශ්නය ගැන චීනය සහ රුසියාව සමග සාකච්ඡා ක්‍රියාවලිය ඉස්සරහට යනවා .ඉන්දියාව සමඟ සාකච්ඡා කළා. ඉන්දියාවත් අද අසීරුවෙන් ඉන්නේ. අපි දන්නවා ඒ රටේත් ගෑස් පෝලිම්. ඔවුන් සුබවාදීව මැදිහත් වෙනවා. ගුවන්තොටුපොළ අර්බුදය නිසා රට යෑම ගැන ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. අපේ නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් අර්බුදයට ලක් වෙලා තියෙනවා. අපි ඒ අයට සහන සලසනවා. රටේ ජනතාව රැකගන්න අපි ඇප වෙනවා කැපවෙනවා

මේ අයට QR නැතුවම අද සිට තෙල් ලබාදෙයි - පිරවුම්හලේදී මුල්තැන දෙන මෙන් ඉල්ලීමක්

මේ අයට QR නැතුවම අද සිට තෙල් ලබාදෙයි - පිරවුම්හලේදී මුල්තැන දෙන මෙන් ඉල්ලීමක්