හීන මවන්න එපා වෙරි සොරි ඒක වෙන් නෑ - හරිනිගෙන් මුළු විපක්ෂයටම සැර කතාවක්

Report

විපක්ෂයට පවතින ආණ්ඩුවට වඩා රට ගොඩදාන්න මොකක් හෝ විශිෂ්ට සැලසුමක් තිබෙනවා දැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(19) දින පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා.

ඒ අනුව ඇය පැවසුවේ,

ඉරාන නැව් දෙක නිසා අදත් පාර්ලිමේන්තුව උණුසුම් - IRIS Bushehr නෞකාව රඳවා ගන්නවා විජිතගෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක්

ඉරාන නැව් දෙක නිසා අදත් පාර්ලිමේන්තුව උණුසුම් - IRIS Bushehr නෞකාව රඳවා ගන්නවා විජිතගෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක්

"අප මේ වෙලාවේ මුහුණ දෙන තත්ත්වය කුමක්ද කියා සැමට හොඳ අදහසක් තිබිය යුතුයි. ආර්ථික මෙන්ම දේශපාලන අර්බුදයකට මුහුණ දී නැවත වතාවක් හුස්ම ගන්න උත්සාහ කරන අවස්ථාවක විපක්ෂය කටයුතු කළ යුතු ආකාරය ගැන මීට වඩා ගැඹුරින් සිතිව යුතුයි. රටේ අවාසනාවකට විපක්ෂයේ උදවිය උත්සාහ කරන්නේ මොකක් හෝ ගේමක් ගසා බලයට පැමිණීමයි. ඒ නිසා අවුරුදු පහට පෙර මොන හෝ විදියකින් ආණ්ඩුව වැට්ට විය යුතු යැයි ඔවුන් සිතනවා. ඒ සඳහා තමයි ඔවුන් මුළු උත්සාහයම ගන්නේ. ඒ නිසා ආණ්ඩුවේ නොහැකියාව රාජ තාන්ත්‍රික දුර්වලතා ආදී කතා කියමින් ජනතාව බිය වද්දමින් කටයුතු කරනවා" පවතින ආණ්ඩුව කෙසේ හෝ වට්ටලා රටට කෙලවුණත් කමක් නෑ මිනිස්සුන්ට මොනව උනත් කමක් නෑ බලය ලබාගන්න. එය බලය ලබාගන්න උත්සාහ කරන්නේ ඇයි ඔවුන්ට පවතින ආණ්ඩුවට වඩා මොකක් හරි විශිෂ්ට සැලැස්මක් තියෙනවද මේ රට ගොඩදාන්න. අපි ක්‍රියාත්මක කරනවට වඩා එහා මොකක් හරි ඉතාමත් බුද්ධිමත් සැලැස්මක් තියෙනවද උසස් හැකියාවක් තියෙනවාද දැනුමක් තියෙනවද මේ රට මේ වෙලාවේ ගොඩදාන්න ඒකට තියෙන මේ උවමනාවත් එක්කද ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න හදන්නේ. නෑනේ අපි දන්නවා මේ රට අපි භාරගද්දී කොහොමද තිබ්බේ කියලා...........දැන් අලුත් අවුරුද්දක් හරියට සමරන්න බැරිවෙයි වෙයි. ඉදිරියට විදුලි කප්පාදු වෙනවා තෙල් නැති වෙනවා කියලා මිනිස්සුන්ව බය කරමින් එය තත්ත්වය තව තවත් උස්සන්න කරන්න පුළුවන් ප්‍රකාශ සිදු කරනවා ඇරෙන්න වගකිවයුතු විපක්ෂයක් විදිහට වැඩ කරනවා වෙනුවට ඉතාමත් පටු ආත්මාර්ථකාමී න්‍යායපත්‍රයක ඉඳගෙන ඔවුන් හැසිරෙන්නේ . අඩුම තරම රාජතාන්ත්‍රික සබඳතාවලට හානි වන විදිහේ ප්‍රකාශ නොකර ඉන්නවත් බෑ මේ විපක්ෂයට. ඔළුවට එන ඕන දෙයක් කියනවා. ඔවුන්ගේ එකම අරමුණ වෙලා තියෙන්නේ කෙසේ හෝ මේ ආණ්ඩුව පරාජය කරලත් නෙමෙයි මූණට මුහුණ ඡන්දයකින් හරියට ඒ ක්‍රමවේදයෙන් එන්න නෙමෙයි ඔවුන්ගේ සිහිනය අර 2022 දී තිබුණු අරගලය වගේ එකක් ආයෙත් දෙයි කියලා සිහින මව මව ඉන්නේ. මම මේ විපක්ෂයට කියන්නේ වෙරි සොරි ඒක වෙන් නෑ" යනුවෙන්.

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට

විශේෂ ආරක්‍ෂක සාකච්ඡාවකට අරුණ ජයසේකර ඇතුළු පිරිසක් ජපානයට යයි

විශේෂ ආරක්‍ෂක සාකච්ඡාවකට අරුණ ජයසේකර ඇතුළු පිරිසක් ජපානයට යයි